බැඳුම්කර නඩුව : අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් චෝදනා 10කින් නිදහස් !

Date:

2015 පෙබරවාරි 27 වනදා සිදුකෙරුණු බැඳුම්කර නිකුතුවකදී වංචනික ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබුණු නඩුවේ චෝදනා 10කින් අර්ජුන් ඇලෝෂියස්, අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්‍රි ඇලෝෂියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (11) නියෝග කර තිබේ.

ඒ අනුව චෝදනා 14කින් සමන්විත නඩුවේ චෝදනා අංක 5 සිට 14 දක්වා සියලුම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කර ඇත.

චෝදනා අංක 1 සිට 4 දක්වා වන චෝදනා සම්බන්ධයෙන් ද මීළඟ නඩු වාරයේදී විරෝධතා ගොනුකිරීමට කටයුතු කරන බවයි විත්තිකරුවන්ගේ නීතීඥවරුන් සඳහන් කළේ.

ඒ අනුව, වසර 7කට පෙර පසුගිය ආණ්ඩු සමයේදී මහත් ආන්දෝලනයක් ඇති කරමින් දේශපාලන පාපන්දුවක් බවට පත්කරගත් “මහබැංකු බැඳුම්කර වංචාව” නොහොත් “මහ දවල් මහබැංකු මංකොල්ලය” වශයෙන් හැඳින්වූ සිදුවීම හුදෙක් නීතිමය පදනමක් නොමැති හැඟීම්බර දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් බව අධිකරණය හමුවේ අනාවරණය වෙමින් පවතින ආකාරය පෙනේ.

මෙම නඩුව සම්බන්ධ වැඩි විස්තර පසුවට ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...