*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

”නරකම තත්වයන් තවම පැමිණ නැත”- IMF

යුක්රේනයේ යුද්ධය, බලශක්ති, ආහාර මිල ගණන් හා පොලී අනුපාතයන් ඉහළයාම හේතුවෙන් ඇතිව ඇති ආර්ථික පීඩනය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2023 සඳහා සිය ගෝලීය වර්ධන පුරෝකථනය කපා හැර තිබේ.

ලබන වසර වන විට පවතින තත්වය බොහෝ සෙයින් නරක අතට හැරිය හැකි බවට IMF අරමුදල ඊයේ(11) දිනයේදී අනතුරු අඟවමින්, ලෝක ආර්ථිකය තුනෙන් එකකට වඩා හැකිලෙනු ඇති බවට පුරෝකතන කර ඇත.

විශාලතම ආර්ථිකයන්යන් වශයෙන් සලකා බලන එක්සත් ජනපදය, චීනය සහ යුරෝපයේ ආර්ථික තත්වයන් දිගින් දිගටම ඇණ හිටිනු ඇති බව IMFහි ප්‍රධාන ආර්ථික විද්යාඥ Pierre-Olivier Gourinchas පවසා ඇත. ඒ අනුව නරකම තත්වය තවම පැමිණ නැති අතර ලෝකයේ බොහෝ රටවලට 2023 වර්ෂය ආර්ථික වශයෙන් අවපාතයක් ලෙස හැඟෙනු ඇත.

IMF සිය ලෝක ආර්ථික දැක්මෙහි ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ඉහළ පොලී අනුපාතය හේතුවෙන් එක්සත් ජනපදයේ ආර්ථිකය මන්දගාමී වී ඇති අතර, යුරෝපයේ ගෑස් මිල ඉහළ යාම සහ චීනය අඛණ්ඩව ශුන්‍ය COVID ප්‍රතිපත්තිය, ආදිය හේතුවෙන් ජූලි මාසයේ පුරෝකථනය කරන ලද සියයට 2.9 ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ලබන වර්ෂය වන විට සීයයට 2.7 දක්වා පහත වැටෙනු ඇති බවයි. එමෙන්ම ජර්මනිය හා ඉතාලිය ඇතුළු සමහර ප්‍රධාන ආර්ථිකයන් තුළ ඉහළ බලශක්ති මිල ගණන් කඩාවැටීම නිසා ලබන වසරේ යුරෝපා කලාපීය වර්ධනය සියයට 0.5 දක්වා පහත වැටෙනු ඇත.

මෙම උද්ධමන කම්පනය දිගු කලක් පැවතිය හැකි අතර ඩොලරය ඊට සාපේක්ෂව පීඩනයට ලක් වීම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපානු ඇති බව පැවසේ. මේ වෙනුවෙන් විදේශ විනිමය සංචිත සංරක්ෂණය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇති බව ආර්ථික විද්‍යාඥයන් විශ්ලේෂණය කර තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan