මාෂාට යුක්තිය ඉල්ලා කරන අරගලය ගැන ආණ්ඩුව කියන කතාව!

Date:

හිජාබයයි ඉරානයේ සංවර්ධන ව්‍යාපෘතියි අතර තිබෙන සම්බන්ධය කුමක් ද? මාෂා ගේ මරණය ගැන ඉරානයේ අතිඋතුම් නායකතුමාගේ ලොජික් එක..

ඉකුත් දින ඉරාන ආගමික සදාචාර පොලීසියේ (Religious Morality Police) රැඳවුම්භාරයේ සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ මාෂා අමීනිට යුක්තිය ඉල්ලා ඉරාන රජයට විරුද්ධව රැගෙන යන ජන අරගලය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී.

මෙම ජන අරගලයට පිළිබඳව ඉරානයේ අතිඋතුම් නායක අයතොල්ලා අලි ඛමෙනෙයි පවසන්නේ, මෙම අරගල ඉරානයේ නවමු සංවර්ධන වැඩපිළිවෙල සහ ව්‍යාපෘති අඩපණ කිරීම සඳහා සතුරා විසින් නිර්මාණය කරන ලද කඩාකප්පල්කාරී කැරැල්ලක් බවයි.

ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන තස්නිම් අද (12) දින වාර්තා කරන අන්දමට, මෙම ජන අරගල ඉරාන දේශයේ විශිෂ්ටත්වය විනාශ කිරීම සඳහා සතුරා විසින් නිර්මාණය කරන ලද බොලඳ සහ සක්‍රිය නොවන කැරලි බව එරට අයතොල්ලා නායකතුමා පවසා සිටියි.

පසුගිය සති කිහිපය පුරාවටම ඉරාන රජයට විරෝධය පාමින් ජන අරගල දියත් වෙමින් පැවතිය අතර, මීට ප්‍රධාන හේතුව වී තිබුණේ එරට රජයේ මර්දනකාරී ක්‍රියාපිළිවෙතයි.

ඉරානයේ ඉස්ලාම් ආගමික පිළිවෙත් නිවැරදිව අනුගමනය නොකිරීම මත අත්අඩංගුවට පත්ව ඉකුත් සැප්තැම්බර් 16 වන දින සැකසහිත හේතු මත මරණයට පත්වූ මාෂා අමීනි නම් 22 හැවිැරිදි තරුණිය වෙනුවෙන් මෙම ජන අරගල තවතවත් උත්සන්න විය.

ඉරාන ආගමික සදාචාර පොලීසිය විසින් මාෂා අත්අඩංගුවට ගැනෙන්නේ ඈ හිජාබය නිවැරදිව පැළඳ නොසිටීමේ චෝදනාව මතය. හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වන සේ ඈ එම ඇඳුම හැඳ සිටීම මත ඈ අත්අඩංගුවට පත් විය.

ඉකුත් සැප්තැම්බර් 16 වන දින මාෂා අමීනි මියයන්නේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර රෝහලක ය. ඇගේ මරණය සැකසහිත බවත් ඈ පෙනී සිටි දෑ වෙනුවෙන් ඈට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත් අරගලකරුවෝ පෙන්වා දෙති.

මාෂා ගේ පවුලේ සාමාජිකයන්ට මේ වන විට මරණ තර්ජන පවා එල්ල වන බව ඈගේ ඥාති සහෝදරයන් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

ඡායාරූප: අන්තර්ජාලය

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...