ජනපති රනිල් සියඹලාණ්ඩුවේ ගොවීන් හමුවෙයි. ගැටලුවලට ක්ෂණික පිළිතුරු දෙයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියට පැමිණි ජනාධිපතිවරයා වගා බිමේ සංචාරය කරමින් ගොවිජනතාව සමග සුහද කතා බහක නිරත විය.

තමන් මුහුණ පා ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී ගොවි ජනතාවට අවස්ථාව ලැබුණු අතර පොහොර හිඟය, කෘමිනාශක සහ වල්නාශක හිඟය මෙන්ම ප්‍රදේශයේ ඉඩම් ගැටලු, ජල ගැටලු සහ වන අලි උවදුර පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එම අවස්ථාවේදී අදාළ නිලධාරීන් ගොවි බිමට කැඳවූ ජනාධිපතිවරයා ක්ෂණික විසඳුම් ලබාදිය හැකි ගැටලුවලට එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට පියවර ගැනීම විශේෂත්වයක් වන අතර තම ප්‍රදේශයට ජනාධිපතිවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ගොවි ජනතාව තමන් අසළට පැමිණ ගැටලු සොයා බැලීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ.

මෙහිදී ඉදිරිපත් වු සියලු ගැටලු ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මගින් සටහන් කරවාගත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ වෙනම අතිරේක ලේකම්වරයෙකු පත් කර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදිමට පියවර ගන්නා බව සඳහන් කළේය.

මෙහිදී ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ප්‍රධානතම ගැටලු සහ ඒවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය
පොහාර ගැටලුව තමයි ජනාධිපතිතුමනි අපට තිබෙන්නේ,

පිළිතුර
මේ මහ කන්නයේ වී වගාව සහ බඩ ඉරිගු වගාව සඳහා අවශ්‍ය පොහොර අපි ලබා දෙනවා. ඊට අදාළ පියවර දැන්මටත් ගෙන තිබෙන බව මතක් කරන්න කැමතියි. ඒ ගැන ගැටලුවක් ඇති කර නොගෙන ගොවිතැන් කටයුතු නිසි වේලාවට ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, අපේ ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පිළිතුර
අපි මේ ප්‍රදේශවලට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාදීමට තීරණය කරලා තිබෙනවා. දැන් ඒ ඒ දිස්තික්කවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයයි, ඒ වගේම අස්වැන්න එකතු කරන විට මැෂින්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණනයයි අපි ලබා දෙන්නම්. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, ඉන්ධන නිසි වේලාවට ලැබෙනවාද යන්න පිළිබඳව මේ ප්‍රදේශය නියෝජනය කරන අපේ මැති ඇමතිවරු සොයා බැලිය යුතුයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය