කරවල මිල පහළ බසී …

පසුගිය මාස හයට සාපේක්ෂව මේ වනවිට කරවල මිල සැලකියයුතු ප්‍රතිශතයකින් අඩුවී තිබෙන බව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති ආර්. ජී. විල්සන් මහතා පැවසුවේ මේ වනවිට 30% – 35% අතර ප්‍රතිශතයකින් කරවල මිල අඩුවී ඇති බවයි.

“පහුගිය කාලේ එක්ක බලද්දී කරවල මිලේ වෙනසක් වෙලා තියෙනවා. 30% – 35%ක අඩුවීමක් තියෙනවා කරවල. ඒකට හේතුව තමයි දේශීය නිෂ්පාදන එනවා. ඒ එක්කම පාරිභෝගිකයාට අමාරුකම් තියෙනවා. ඉස්සර කිලෝ එකක් ගත්තු අය දැන් අඩුවෙන් ගන්නේ. කට්ටා කරවල රුපියල් 2100 – 2200 ටත් ගියා. දැන් යන්නේ 1600 – 1700 අතර. බල කරවල රුපියල් 1200 – 1300 ටත් තිබුණා. දැන් තොග ගාණ වෙන්නේ රුපියල් 800 යි”

කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...