මීළඟට ජනතාව නැගිටිය යුත්තේ අපේ නායකත්වයෙන් විතරයි. නැත්නම් වැඩක් නෑ – අනුර (VIDEO)

Date:

මීළඟ ජනතා නැගිටීම සිදුවිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් පමණක් බවත් එසේ නොවුණහොත් එයින් ඵලක් නොමැති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිය පක්ෂයට තරයේ අවධාරණය කරයි.

ඒ අනුව එම නැගිටීම නායකත්වය දීම සඳහා සූදානම් වන ලෙසයි ඒ මහතා සිය පක්ෂයට දැනුම් දී සිටින්නේ.

“මේ ජනතා පීඩනයට එරෙහිව ජනතාව නැගිටිනවා. දැන් මොකක්ද කරන්න ඕනෙ ? අන්න අපෙ ගම් ඇතුළේ ඒ නැගිටීම ආණ්ඩුව අපේක්ෂා කරනවා ප්‍රචණ්ඩත්වයකට තල්ලු කරගන්න. ආණ්ඩුවට හොඳයි ඒක. ගහලා, කඳුළු ගෑස් ගහලා මර්දනය කරන එක ආණ්ඩුවට හොඳයි. ඒ නිසා එවැනි නැගිටීමක් හුදෙකලා ලෙස තැන තැන ඉබාගාතේ නැගිටලා වැඩක් නෑ. තැන තැන අසංවිධානාත්මකව සිදුවන සෑම නැගිටීමක්ම පාලකයාට වාසි හදනවා. පාලකයා ඒක මර්දනය කරනවා. ඒක බිය කරනවා. එනිසා සිදුවිය යුත්තේ කුමක්ද ? අපි ඉතා හොඳින් සංවිධානාත්මකව මේ පීඩනයට එරෙහිව නැගිටින ජන කණ්ඩායම්වලට නායකත්වය ලබාදිය යුතුයි. එහෙනම් මොකක්ද කරන්න ඕනෙ ? අන්න අපේ ගමේ කොට්ඨාස සභාව ඒ සඳහා ජනතාව සූදානම් කරන්න ඕනෙ. මේක වැඩක්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ කැස්බෑව සමුළුව අමතමිනි.

(පහත වීඩියෝවේ පැය 02.40.00 සිට මෙම ප්‍රකාශය නැරඹිය හැකිය)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...