ෂී ජින්පින්ට ගිය චීනය; ඔහු යාවජීව නායකයා ලෙස පිළිගැනේ.

Date:

පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබුණේ තායිවානයේ සාමකාමී එකමුතුවට සහය ලබා දෙන මුත් බලය අත් නොහරින බවයි. තායිවානය වෙනුවෙන් එක්සත් ජනපද මැදිහත්වීම තරයේ හෙලා දුටු චීන ජනාධිපතිවරයා තායිවානයට අනතුරු අඟවමින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ තායිවාන ප්‍රශ්නය චීනය විසින්ම විසඳාගත යුතු ගැටලුවක් බවයි.

ෂී ජින්පින් මාඕ සේතුංගෙන් පසු බලවත්ම නායකයා ලෙස ඔහුගේ තත්ත්වය තහවුරු කරමින්, ගෙවූ වසර පහට අමතුරව චීනය පාලනය කරන තවත් පස් අවුරුදු ධුර කාලයක් ලබා ගැනීම වෙනුවෙන් බීජිංහි මෙම රැස්වීම් සතියක් පුරා පවත්වනු ලැබෙන බව අනාවරණය වේ. පක්ෂ නායකයන් සඳහා වන ධුර කාලය ඉවත් කරමින් ෂී ජින්පින්ට ජීවත්වන තුරුම පක්ෂ නායකයා ලෙස සිටීමට ඉඩ සලසන පළමු අවස්ථාව මෙය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම මෙම පක්ෂ සම්මේලනය නිල වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මිලියන 100 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 2,000 ක් පමණ රැස්කරනු ලබන අතර, පසුගිය වසර පහ සහ ඉදිරි අර්ධ දශකය සඳහා අනාගත පාඨමාලාව පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.

පැයකට ආසන්න කාලයක් තුළ පැවැති චීන ජනාධිපතිගේ දේශනය තුළ ඔහුගේ සැලසුම් සහ රට පිළිබඳ බලාපොරොත්තු මෙන්ම කොවිඩ්, අධික බලශක්ති මිල ගණන් සහ යුක්රේනයේ යුද්ධයෙන් ඇති වූ බිඳවැටීම් වල ආර්ථික පීඩනයන් පිළිබඳ සාකච්ඡා කෙරිණ. නව අභියෝගවලට ඔහුගේ ප්‍රතිචාරය බොහෝ දුරට ඔහුගේ ඉදිරි වසර පහ තුළ විසඳීම අපේක්ෂා කෙරේ. අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම, ලොව විශාලතම සෞඛ්‍ය සහ සමාජ සුබසාධන පද්ධති ක්‍රියාත්මක කිරීම, හරිත බලශක්ති ප්‍රගතිය සහ දේශපාලන දූෂණයට එරෙහිව සටන් කිරීම චීන ජනාධිපතිවරයාගේ ප්‍රවේශය තුළ විය.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය