22 තෙවැනිවර කියවීමේදී සරත් වීරසේකරගේ ඡන්දය ගැන පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේදීත් ඊට විපක්ෂව ඡන්දය භාවිතා කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසයි.

ඊයේ (21) සවස පැවති එම තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කෙරුණේ පනතට පක්ෂව ඡන්ද 174ක්, විපක්ෂව ඡන්ද 0ක් සහ ඡන්දය භාවිතා නොකළ එක් මන්ත්‍රීවරයකු වශයෙනි.

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ නව ප්‍රකාශය අනුව එම ප්‍රතිඵලය පනතට පක්ෂව ඡන්ද 174ක් සහ විපක්ෂව එකක් වශයෙන් වෙනස් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...