පිලිපීනයේ හිටපු ජනපති ඩුටේටර්ගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සිදුවූ ඝාතන පිළිබඳ ICC නඩු විභාගය හෙට ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29:
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටේටර් එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) නඩු විභාගය හෙට (30) ආරම්භ වීමට නියමිතය.

81 හැවිරිදි ඩුටේටර් එරෙහිව එල්ල වී ඇති චෝදනා ඔහු ජනාධිපතිවරයා සහ ඩාවෝ නගරයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාවන්හි ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලට සම්බන්ධ වේ.

2011 නොවැම්බර් 1 සිට 2019 මාර්තු 16 දක්වා කාලය තුළ පිලිපීනයේ සිදුවූ බව කියන ඝාතන සහ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා තුනක් එල්ල වී තිබේ.

ඩුටේටර්ගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ යටතේ දහස් ගණනකගේ ජීවිත අහිමි වූ බවට චෝදනා එල්ල වී ඇති අතර, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් දැඩි අවධානයක් යොමුව තිබේ.

2025 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු එම වසරේම මාර්තු 12 වැනිදා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ භාරයට පත් කරන ලදී.

2016 ජූනි මාසයේදී පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඩුටේටර් මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය මර්දනය කිරීම ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කළේය. ඔහුගේ ප්‍රකාශ අනුව, රට තුළ ව්‍යාප්ත වෙමින් පැවති මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සහ අපරාධ අඩු කිරීම එහි ප්‍රධාන අරමුණ වූ අතර මෙම මෙහෙයුම සම්බන්ධයෙන් වඩාත්ම බරපතළ චෝදනාව වූයේ නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව පුද්ගලයන් ඝාතනය කිරීමයි.

එනම් පිලිපීන රජයේ සංඛ්‍යාලේඛන අනුව 2016 ජූලි 1 සිට 2022 මැයි 31 දක්වා පොලිසිය සහ මත්ද්‍රව්‍ය මර්දන ආයතන විසින් සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 6,252ක් මියගොස් ඇතිබව වාර්තා වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය 2020 වාර්තාවකින් මරණ සංඛ්‍යාව අවම වශයෙන් 8,663ක් විය හැකි බව සඳහන් කර තිබේ.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ පොලිස් මෙහෙයුම්වලින් පිටත සිදුවූ ඝාතනද ඇතුළත් කළහොත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි.

විභාගය ආරම්භයේදී විත්තිකරුට එරෙහි චෝදනා ඉදිරිපත් කර, ඒ පිළිබඳ ඔහුගේ ප්‍රතිචාරය විමසීමට නියමිතය. ඉන් අනතුරුව පැමිණිලි පාර්ශ්වයේ කරුණු දැක්වීම් සහ කෙසේ වෙතත්, ඩුටර්ටේට එරෙහි චෝදනා අධිකරණය හමුවේ තහවුරු කළ යුතු අතර, නඩු විභාගය අවසන් වන තෙක් ඔහු වරදකරු ලෙස සැලකිය නොහැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්

පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට...

ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය ඇරඹෙයි! අගමැති පේද්‍රෝ සැන්චෙස්ට අභියෝගාත්මක සටනක්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය...

බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ 91 කණ්ඩායමේ සුහද හමුව අද

බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ '91 කණ්ඩායමේ සුහද හමුව...