නැගීඑන ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගය: ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:

කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙන ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ඉතා උද්යෝගිමත්ව ක්‍රියාත්මක වේ.

මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් අනගි පිතිකරණයක නිරත වූ ෂාහ්සායිබ් ඛාන් ලකුණු 60ක් සහ ෂමිල් හුසේන් ලකුණු 40ක් රැස් කරමින් ලකුණු පුවරුව ඔසවා තැබූහ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යවමින් පාකිස්තාන ලකුණු සීමා කළ අතර, එහිදී රවිඳු ප්‍රනාන්දු සහ ගරුක සංකේත් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

ඒ අනුව, මෙම තරගයේ ජයග්‍රහණය සහ ශූරතාව තමන් සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හිමිවී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක් – විපක්ෂ නායක

අප රට සහලින් ස්වයංපෝෂිත සේම සහල් අතිරික්තයක් ඇති බවත්...

පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්

පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට...

ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය ඇරඹෙයි! අගමැති පේද්‍රෝ සැන්චෙස්ට අභියෝගාත්මක සටනක්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය...

පිලිපීනයේ හිටපු ජනපති ඩුටේටර්ගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සිදුවූ ඝාතන පිළිබඳ ICC නඩු විභාගය හෙට ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: පිලිපීනයේ හිටපු ජනාධිපති...