තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්‍රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්‍රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් නොයෙක් මත ප්‍රකාශ කරනවා. මං හිතන්නෙ ඒවා තැන් තැන්වල කියවන්නෙ නැතුව පක්ෂ නායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි. මොකද, තැන් තැන්වල කියලා ජනතාව අපහසුතාවයට පත්කරන්න ඕනෙ නෑනෙ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නෙ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අවසානයේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර – මොකද ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවානෙ. ශ්‍රීලනිපයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා, රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා, ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා – ඉතින් ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිවයුතු නෑ, ඒකට අනිත් අය විතරයි වගකවයුතු කියලා, එහෙම වෙන්නෙ නෑ. මේ ආණ්ඩුවෙ හැම තීන්දුවකටම ශ්‍රීලනිපය වගකියන්න ඕනෙ සහ සන්ධානය වගකියන්න ඕනෙ. මොකද අපි ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. කැබිනට් මණ්ඩලයක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම්කිසි හෙයකින් ශ්‍රීලනිපයට ඒ ප්‍රතිපත්ති හරියන්නෙ නැත්නම් ඒ අය ඉල්ලන්නෙ වෙන ප්‍රතිපත්ති නම් ඉතින් ඕවා තැන් තැන්වල කියවන්නෙ නැතුව පක්ෂ නායක රැස්වීමේදි කියලා ගෞරවාන්විත විදියට එළියට ගියොත් හොඳයි”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමාන්ඩෝ සලින්තට ගිනි අවි සහ උණ්ඩ සැපයූ කමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට...

තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : අද (19) සිට ප්‍රවාහන,...

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...