කසල ගොඩවල්වලට පොරකන රටක් බවට පත්කරන්න අපි ලෑස්ති නැහැ – රත්නප්‍රිය (VIDEO)

Date:

වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඒ හැම මොහොතකම ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී හරිගැස්සු ආර්ථිකය විනාශකරගත් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර රට ගිනිගන්නා මොහොතක මර්දනකාරී ව්‍යාපාරයකට එකඟවිය නොහැකි බවත් අරගල කරන මොහොතේ එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් සිදුවූ විට එයට ඉඩ දිය යුතු බව ද රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මාස එකහමාරෙන් එකහමාරට නායකයන් පත්කරගන්නා තැනට ගොස් ඩස්බින් වලට පොරකන තත්ත්වයට රට පත්කිරීමට කැමති නැති බවත් ඔහු සඳහන් කරන ලදී.

මේ මොහොතේදීත් ඇතැමුන් ජනතාවට එළියට බහින ලෙස පැවසුවද දැනටමත් රට ගොඩනැගීමට ජනතාව ජනාධිපතිවරයාට ඉඩ දී ඇති හෙයින් එම දේශපාලන කාඩරය හැර ජනතාව පාරට නොබසින බවත් හෙතෙම පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...