දේශගුණික අර්බුදයේ බලපෑම සුෂි වලටත්

Date:

දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය ජපන් ආහාරක් වන සුෂි සඳහා අඳුරු අනාගතයක් පෙන්නුම් කරනු ඇති බවට විශ්ලේෂකයන් පුරෝකථන ඉදිරිපත් කරමින් තිබේ.

මේ වන විට මුහුදු උෂ්ණත්වය ඉහළයාමත් සමඟ මාළු අස්වැන්න අඩුව ඇති අතර වෙනදාට වඩා මාළුවන් ප්‍රමාණයෙන් සිහින්ව ඇතිවා මෙන්ම, ගුණාත්මක මසුන් වර්ග හිග වෙමින් පවතින බව වාර්තා වේ.

තිරසාර මුහුදු ආහාර ව්‍යාපාර සහ පාරිසරික කණ්ඩායම් සඳහා සහාය දක්වන ජපානය පදනම් කරගත් උපදේශන සමාගමක් වන සීෆුඩ් ලෙගසිහි උප සභාපති අකියෝ යමඋචි පවසා තිබුණේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් රටේ මුහුදු ආහාරවලින් අඩක් පමණ සපයන ජපාන ධීවර කර්මාන්තයෙන් බහුතරයක් බරපතල හානිවලට නිරාවරණය වනු ඇතැයි අපි ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ වායුගෝලය සහ සාගර පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ෂින්-ඉචි ඉටෝ පැවසා තිබුණේ මුහුදු උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යෙලෝටේල් සහ ස්පාඤ්ඤ මැකරල් සැමන් ඇතුළු සමහර විශේෂ දැන් අසාමාන්‍ය ස්ථානවල දක්නට ලැබෙන බවයි. වර්ධනය වන උෂ්ණත්වය හේතුවෙන් දශක කිහිපයකින් ජපානයේ ඈත උතුරේ හොකයිඩෝ අවට ජලයෙන් සැමන් මත්ස්‍යයා අතුරුදහන් විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. එමෙන්ම මෙම තත්වය බෙල්ලන් මෙන්ම කකුළුවන් සහ ඉස්සන් වැනි ජනප්‍රිය මුහුදු ආහාරවල වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත.
මෙම වෙනස්කම් අනිවාර්යයෙන්ම ජපන් ආහාර වේලට බලපානු ඇති බවට ඔහු අනතුරු අඟවා ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...