ලංකාවේ ආර්ථික දුෂ්කරතාවලට ඉන්ටර්නැෂනල් පන්ච් එකක්

Date:

ලෝකයේ ජනප්‍රිය ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියර නොවැම්බර් මස 26 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවට එක් වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දුෂ්කර තත්ත්වයක පවතින අවස්ථාවක ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පළමුව මම DJMC Events Dubai ආයතනයේ සභාපති ඩන්ස්ටන් රොසයිරෝ මහතා වෙත ස්තූතිය හා ගෞවරය පුද කරනු ලබන බව පැවසුවා. ඉදිරියේ දී ද මෙවැනිම තරගාවලි හා වැඩසටහන් ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට කටයුතු කරන ලෙස අපි ඒ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ උපන් ජාත්‍යන්තර ව්‍යාපාර හරහා තම නාමය ලෝකය පුරා ගෙන ගිය DJMC ආයතනයේ සභාපතිවරයාට තිබෙන ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන ශ්‍රී ලංකාව තුල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම යි අපේ බලාපොරොත්තුව යනනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.

ඩන්ස්ටන් රොසයිරෝ මහත්මා අපිට අපේ සෑම ක්‍රීඩාවක්ම දියුණු කරන්න සහයෝගය ලබා දෙන බවට මම විස්වාශ කරනවා. සංචාරක ආකර්ශණය දිනා ගත හැකි ලෝක ප්‍රසිද්ධ වෙරළ ක්‍රීඩා තරගාවලි ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. එහි දී අපිට ලෝකයේ වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම හැමෝම කතා කළ ක්‍රීඩා ආර්ථිකය යථාර්තයක් බවට පත් වෙනවා.මේ ආකාරයේ වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ සංචාරක ව්‍යාපාරය හා එහි සේවා සපයන ආයතන, ප්‍රවාහන හා හෝටල් කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම පොදුවේ තවත් බොහෝ ක්ෂේත්‍රයන් හි සැමට ලැබෙනු ඇති බවත් මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියා.

Fite TV හරහා මෙම තරගාවලිය රටවල් 34 ක ප්‍රචාරය වීම හරහා ශ්‍රී ලංකාවට වඩා හොද ආකර්ශණයක් ලබා ගත හැකි මෙම තරගාවලියට සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව සමගින් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, තායිලන්තය, යුක්‍රේනය, ටජිකිස්ථානය, පාකිස්ථානය,පිලිපීනය, ඝානාව වැනි රටවල් 14 කින් ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩකයින් 18 ක් සහ ලෝක ශූර කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් 2 ක් සහභාගී වීමට නියමිතයි.

මෙම මාධ්‍ය හමුව සදහා DJMC ආයතනයේ සභාපති ඩන්ස්ටන් රොසයිරෝ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් පැමිණි ප්‍රසාද් දළුවත්ත, කොළඹ දිස්ත්‍රික් සංචාරක මණ්ඩලයේ සභාපති සුදත් හේවාපතිරණ යන මහත්වරු ඇතුළු වෘත්තීය බොක්සිං ක්‍රිඩකයින් පිරිසක්ද පැමිණ සිටියහ.මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ එම අවස්ථාව වන අතර ඡායාරූප අනුග්‍රහය ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙනි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...