සංචාරක සමයේ පැමිණෙන ගුවන්යානා වලට බාධාවකින් තොරව ගුවන් යානා ඉන්ධන සැපයේ!

Date:

එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සම පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

2022.11.02 දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන් යානා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ පාර්ශවයන් සමඟ අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව, මේ වන විට ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 5600 කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීරණයෙන් ගබඩා කර ඇති බවත්, කොලොන්නාව පර්යන්තයේ මෙට්‍රික් ටොන් 5575 ක් ඇති බවත්, ඒ අනුව ඉදිරි දින 17ක් සඳහා ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකාව තුළ ඇති බව සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පැවසීය.

මෙයට අමතරව ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000 ක් රැගත් නැවක් වරායට පැමිණි අතර එම ඉන්ධන තොග අද දින සිට ගොඩ බෑමට කටයුතු කරන අතර, ඉන් අනතුරුව තවත් දින 65 කට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ලබා දිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී.

එසේ වූවද දෙසැම්බර් මාසය තුළදී සංචාරකයින් හා මඟීන් රැගත් ගුවන් යානා පැමිණීම වැඩි වන බව පුරොකථනය කර ඇති බැවින් තවත් ඉන්ධන තොග ප්‍රමාණයක් ගෙන ඒම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු ගුවන් තොටුපළ සමාගමේ නිලධාරීන්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...