*
Friday, October 18, 2024
spot_img

Latest Posts

වාලච්චේන කඩදාසි කම්හලේ සේවක සේවිකාවන්ගේ ධෛර්යය

උද්ඝෝෂණ කර , කම්හල වසාගෙන වැඩ වර්ජන කර රට අඳුරේ හෙලන්නට රටේ ඇතැම් පිරිසක් නිරන්තරයෙන් උත්සාහ දරමින් සිටින මොහොතක , මහන්සි වී වැඩ කර, නිෂ්පාදනය වැඩි කරගනිමින් , එසේ උපයා ගත් ලාභ පංගුවකින් තමන්ගේ වැටුපද වැඩි කරගෙන ඇති සතුටුදායක පුවතක් අසන්නට ලැබුණි . ඒ වෙනකිසිවෙකුත් නොවේ….වාලච්චේන කඩදාසි කම්හලේ සේවක සේවිකාවන්ය.

අර්බුද මැද ජයග්‍රහණ ලැබිය හැක්කේ ධෛර්යවන්ත මිනිස්සුන්ට පමණක් බව වාලච්චේන කඩදාසි කම්හලේ සේවක සේවිකාවන් යළිත් ඔප්පු කර ඇත. ඔවුන් මේ මාසයේ සිට තමන්ගේ වැටුප රුපියල් 15000/= කින් වැඩි කරගෙන ඇත.

ආයතනයක් ලාභ ලැබුවා කියා සේවකයින්ට වැටුප් වැඩි කරගැනීමට නොහැකිය. විශේෂයෙන්ම මේ කාලය තුවාල වැටුප් වැඩි කිරීම රජයෙන් තහනම්ද කර ඇත. එසේ නම් කවුද මේ ධෛර්යවන්ත තීරණය ගත්තෙ? වෙන කවුරුත් නොවේ. එම තීරණයට නායකත්වය ලබා දී තිබෙන්නේ වාලච්චේන කඩදාසි කම්හලේ සභාපතිතුමායි . ඒ අනුව සභාපති විමල් රූපසිංහ මහතා ඇතුළු මුළු අධ්‍යක්ෂ මණ්ඩලයටම මෙහි ගෞරවය හිමි විය යුතුය.

සේවකයින් එළියට දමා වසා දමා තිබුණු වාලච්චේන කඩදාසි කම්හල යළි ආරම්භ කිරීමේ නිවරැදි තීරණය මල් පල ගන්වමින් මේ මොහොත වන විට එහි ප්‍රතිලාභ සේවකයින්ට හා රටට ලැබෙමින් තිබේ.

“අද එක දවසක්වත් මේක වහන්න බැරි තත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ ලොතරැයි ඔක්කොම ගහන්නෙ අපේ කඩදාසිවලින්නෙ” සභාපතිතුමා සතුටින් කතා කරගෙන යයි

ඇත්තටම මෙය නම් ඉතාමත් සතුටට කාරණයකි . සෑම සති අන්තයකම විශාල ප්‍රමාණයක් කම්හල නැරඹීමට ද පැමිණේ. රටේ නන් දෙසින් කර්මාන්ත ශාලාව නැරැඹීමට පැමිණෙන නිසාවෙන්, ඔවුන් සඳහා පහසුකම් සැපයීමට වසා දලා තිබූ විශ්‍රාම ශාලාවද මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතී.

”වංචාව, දූෂණය නැත්නම් ලාභ ඕන තරම් තියෙනවා ” සභාපතිවරයා පවසයි. මේ ආයතනය 2021 දී යළි ආරම්භ කර ඇත්තේ සේවක සේවිකාවන් 150 ක ගෙනි. වැඩි පිරිස දෙමළ සහ මුස්ලිම් අයය. පළ පුරුදු සහ නවක අයගෙන් සමන්විත සේවක කණ්ඩායමක් වන මේ පිරිස බඳවාගෙන ඇත්තෙ කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශයන්ගෙනි. සේවකයන් බඳවාගැනීම ආයතනයක් ලෙස නීතිමය අයුරින් සාර්ථක ලෙස සිදුකර ඇත.

වාලච්චෙන කඩදාසි කම්හල මේ වන විට මාසිකව රුපියල් මිලියන 65ක ලාභයක් උපයමින් සිටී. නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ තදබල උවමනාවක් තිබුණද එය වැඩි කරගැනීමට පහසුකම් නැත. අලුත් මැෂින් හෝ සේවකයින් ගැනීමට අවසරක් නැත.

නමුත් රු. මිලියන 2ට තිබුණු ලයිට් බිල රු. මිලියන 6.5 දක්වා වැඩි වී ඇත. ඒ විදුලි බිලේ නව ප්‍රතිපල්ත්තියත් සමඟිනි. රු.මිලියන 3ක් තිබූ බැංකු පොලිය රු. මිලියන 6 දක්වා වැඩි වී ඇත. ඒ බැංකු පොලී වැඩි කිරීමේ ප්‍රතිපත්ති නිසාය. ඒ අතර වසර 2000 සිට 2016 දක්වා නොගෙවා තිබූ රු. මිලියන 120ක විදුලි බිලද ගෙවාගෙන යයි. මේ සියල්ලම සමඟ සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන් මේ මාසයේ සිට රුපි. මිලියන 2.5ක්ද වෙන් කර ඇත.

“මේ වැටුප් වැඩි වීමට නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ දිරි දීමානාවක් ද ගෙවන බව සභාපතිතුමා පවසයි . අද කර්මාන්ත අමාත්‍යංශයේ ලාභ ලබන එකම කර්මාන්ත ශාලාව මෙය විය හැකිය. එය ද ඈවර කර වසර ගණනාවක් තිස්සෙ වසා දමා තිබූ කර්මාන්ත ශාලාවකිනි. එය නැවත ආරම්භ කර යන්තම් වසරක් ගෙවුණා පමණි. දැන් ලාභ ලබා සේවක පඩිද වැඩි කරගෙන ඇත.

රටක් දියුණු කළ හැකි මාවත රටේ කෙලවරක පිහිටි රජයේ කර්මාන්ත ශාලාවක කුඩා සේවක පිරිසක් නිහඬව මුළු රටටම පෙන්වා දෙමින් සිටී. ඇස් අරින්න. මේ ආලෝකය දෙස බලන්නැයි අපි රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.07

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan