දුම්කොළ බදු වැඩි කිරීමට රටේ ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත

Date:

රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමට රටේ ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි . එය ප්‍රතිශතයක් ලෙස 89.3 % කි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකෙරුණු මහජන මත විමසුමේදී මේ බව හෙළි වූ බව ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී පෙන්වාදෙනු ලැබීය .

පාසල් දරුවන් යෞවන වයසේ ගැහැණු සහ පිරිමි දරුවන් දුම්වැටි භාවිතයට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

දුම්වැටි භාවිතය නිසා,

◾දරිද්‍රතාවය වැඩිවීම,
◾ශරීර සෞඛ්‍ය බිඳවැටීම
◾දිළිදුකමට පත්වීම

ප්‍රධාන හේතුවක් බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි. හෘදය ආශ්‍රිත රෝග වැඩි ප්‍රමාණයකට හේතු වන්නේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයයි. අධික මානසික පීඩනය ,ආමාශය, අක්මාව, උගුර සහ ඇස සහ මොලය ආශ්‍රිත රෝගාබාධ රැසකට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවන බව මෙම සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ සඳහා වූ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වලට විශාල ධනයක් වැය කිරීමට සිදුව තිබේ. එසේ තිබියදී ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් දුම්කොළ සමාගම් සඳහා ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

පැනවිය යුතු නියම බදු ප්‍රමාණය නොපැනවීම හේතුවෙන් පසුගිය වසර කීපය තුළ දුන්කොළ සමාගමේ ලාබය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර රජයට අය කර ගැනීමට තිබූ බදු ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සිදු විය. ශ්‍රී ලංකාවේ අනෙකුත් භාණ්ඩ වල පසුගිය සමයේ මිල වැඩි වුණු ප්‍රතිශතය සහ සිගරැට් මිල වැඩි වුණු ප්‍රතිශතය ආර්ථික විද්‍යානුකූලව ගතහොත් සිගරැට් මිල ලාබ වන බවක් පෙනී යයි. 84% ක් විදේශ රටකට අයිතියක් ඇති දුම්කොළ සමාගමේ නිවැරැදි බදු ප්‍රමාණය අය කර ගැනීමක් සිදු නොකර රටේ ජනතාවගෙන් එම මුදල් අයකර ගැනීමේ ක්‍රමය මේ වනවිට රටේ පවතී. දුම්කොළ සමාගම ගෙවිය යුතු බදු ප්‍රමාණයත් ගෙවනුයේ රටේ ජනතාව බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

දුම්කොළ සමාගමේ උපක්‍රමය වන්නේ සිගරැට් වල මිල උපරිම අඩු කර තබා ගනිමින් ආදායම අඩු කණ්ඩායම් මත මෙය ප්‍රචලිත කිරීමයි. වර්තමානයේ භාණ්ඩ හා සේවා වල 200% කින් ඉහළ ගොස් ඇති මොහොතේ බදුඅය කර ගැනීමට ඇති සමාගම් වලින් බදු අයනොකරගනිමින් , පාරිභෝගික භාණ්ඩ සඳහා හැකිතාක් බදු එකතු කරමින් ජනතාව පීඩාවට පත්ව ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක
2022.11.12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...