සකුණගේ පිත්තයි දුනිත්ගේ පන්දුවයි යොවුන් ලෝක කුසලානයට ජයග්‍රාහි පුවේශයක් ලබා දෙයි

0
377

කොළඹ ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරන සකුණ ලියනගේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් අසීරු අඩියක සිටියදි පන්දු 85 න් වාර්තා කළ ලකුණු 85 නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 218 දක්වා ඉහළ දමා ගැනීමට හැකි විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය සකුණ විසින් ශතකයට ලකුණු 15 ට මෙපිටින් නවත්වා ගනි්ද්දී ශ්‍රී ලංකා පිතිකරුවෝ හය දෙනෙක්ටම ක්‍රීඩා ගාරයට යාමට සිදු වයේ ඉලක්කම් දෙකේ ලකුණුවලින් මෙපිට සිටය. ලකුණු 63 ට කඩුලු හතරක් බිඳ වැටී තිබියදී පිටියට පැමිණි සකුණට සිය ඉණිම වෙනුවෙන් ඉහළම සහය ලැබුණේ හත්වන කඩුල්ල වෙනුවෙන්ය. ලකුණු 30 ක් ලැබූ රවින් ද සිල්වා සමඟ සකුණ හත්වන කඩුල්ල වෙනුවෙන් එකතු කරන ලද ලකුණු සංඛ්‍යාව 77 කි.

ලකුණු 218 ක ඉලක්කය ප්‍රමානවත් ලකුණු ප්‍රමානයක් බවට පෙරැලීමේ මූලික වගකීම අතට ගත්තේ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ය.පන්දු ඕවර් 9 ක් තුළ ලකුණු 27 ක් පමණක් ලබා දෙමින් ස්තොට්ලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම නැවත ක්‍රීඩා ගාරයට යන්න අවශ්‍යය මාර්ගය ඉදි කර දුන්නේ දුනිත් ය.ස්කොට්ලන්තය වෙනුවෙන් ජැක් ජාවිස් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් ලකුණු 55 ක් රැස් කළ ද ඔහුගේ ඉණිමද දුනික් අතින් නැවතුණේ රවින් ද සිල්වා රැක ගත් උඩ පන්දුවක් නිසාය.දුනිත් ට සහය වෙමින් ෂෙවෝන් ඩැනියල් ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගත් අතර වනිජු සහන් සහ මතීශ පතිරණ එක් කඩුල්ල බැඟීන් දවා ගත්තේය.

ස්කොට්ලන්ඩ් ඉණිම ලකුණු පූවරුව 178 ක් තිබියදී නැවතී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 40 ක පහසු ජයක් හිමි කර දෙමින්ය.ස්කොට්ලන්ත ඉණිම අඩපන කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා ලෙස නම් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here