*
Friday, November 22, 2024
spot_img

Latest Posts

අයවැය යෝජනා සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නොමැතිකමේ ප්‍රශ්නය …

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් සුබ ප්‍රතිචාර ලැබෙමින් පවතීය යන අස්වැසිලි දායක කතන්දර දිනපතා ඇසෙන්නට ඇතැත් යථාර්ථය තුල දේශපාලකයන් දෙතුන් පැත්තකට කඹ අදිමින් කාලය මරමින් පමණක් සිටින බව පෙනෙන්නට තිබේ. අර්බූදය තාමත් එලෙසමය.

ඩොලර් අර්බූදයට උත්තර නොමැතිව තත්වය අගාධය දෙසට දිගින්දිගටම ඇදීයන බව පෙනෙන්නට තිබේ. අර්බූදයට පිළියම් සොයන්නාවූ අයවැය විවාදයේදීද හැමදාම කියන කෘෂිකර්මය නගාසිටවියයුතු කතාවට අමතරව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හරහා ඩොලර් ආදායම වැඩිකරගත යුතු බවද දැන් දැන් හැම කටකින්ම කියවෙනු අසන්නට ලැබේ.

නමුත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳ හඬක් කිසිම දේශපාලන කටකින් එළියට නොඑයි.
හේතුව සංචාරක කර්මාන්තය ආර්ථිකයට දැනෙන සේ දියුණු කිරීමට නම් මෙරට ගල් වී ඇති ආචීර්නකල්පික සංකෘතියට අත තැබිය යුතුවීමය. නමුත් එයට අත තැබූවිට කාගේ කාගෙත් චන්ද පදනම සෙලවෙන බව ඔය කොයි කවුරුත් දනී.

විදේශිකයන් ලංකාවට ගෙන්වාගැනීමේදී ලාබෙට වැකේෂන් එක ගෙවාදැමීම සඳහා ලංකාවට එන එදාවේල සංචාරකයින් කොපමණ පැමිණියද පලක් නැත. එහිදී ඉලක්කගතව ගෙන්වාගත යුත්තේ යහමින් ඩොලර් විසිකිරීමට ලංකාවට පැමිණෙන සංචාරකයින්ය. නමුත් එවන් සංචාරකයින් ලංකාවට පැමිනෙන්නේ අටමස්ථාන වැඳපුදාගැනීමට නොවේ. ඔවුන් පැමිණෙන්නේ කාමයේ හැසිරෙමින් සූදු කෙළිමින් සතුටුවීමටය. ලෝකයේ සංචාරක කර්මාන්තයෙන් පමණක් ධනවත්වූ රටවල්වල සංචාරක කර්මාන්තය කේන්ද්‍රගත උනේ සූදුව හා ගැහැනුන් වටාය. එහිදී ඔවුන් ඔවුන්ගේ ඉපැරැණි සංකෘතියයි මහද්වීපික ආර්ථිකයයි එකට පටලවාගත්තේ නැත.

ලංකාවේ සංස්කෘතියට අනුව ගැහැණියකගේ ආත්ම ගරුත්වය ඇත්තේ එක මිනිහෙක් බැඳගෙන දරුවෝ හතරක් පහක් වදාගෙන ගුටි කකා නිරාහාරව හෝ පතිදම් රැකගෙන ජීවත්වීම තුලය. සංස්කෘතියෙන් පොඩ්ඩක් එළියට ගිහින් සංචාරක කර්මාන්තයට සේවා සපයමින් ඩොලර් මිලියන ගනන් උපයා සැපපහසු නිදහස් ජීවිතයක් ගත කිරීම ලංකාවේ සංස්කෘතියට අනුව ගැහැණිය පාපයට හසුවීමකි.

ඇත්තෙන්ම මේ අතීත සංකෘතික බඩවැල් විසින් රටේ ආර්ථිකයට දමන විලංගුව සුළුපටු නොවේ. නමුත් ලංකාවට වඩා තද සංකෘතික හිරගෙවල් පවතින් ඩුබායි රාජ්‍යය හා මාලේ මෙන්ම තායිවානය වැනි රටවල් පවා සංචාරක කර්මාන්තයෙන් ධනය උපයා ඔවුන් සංචාරක කර්මාන්තය ජයලබා ඇත. හේතුව ඒ රටවල්වල නායකයන් මැතිවරණ ජනතාවාදයන් තුල දිය නොවී දුර දක්නා ගෝළීය නුවනකින් යුතුව ස්වකීය ජාතික වගකිම ඉටුකර ඇති බැවින්.

නමුත් ලංකාව තුල ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් හෝ මෙතෙක් කිසිම කිසිම දේශපාලන කන්ඩායමක් විසින් ඉදිරිපත්කර නැත. මන්ද ඊනියා චන්ද පදනම වෙනුවෙන් ගංකබර සංස්කෘතිය තොරොම්බල් කිරීම අපේ රටට ආවේණික කාලකන්නි දේශපාලන දෝශයක්වන බැවින්.

අප විමර්ශනය කල යුත්තේ දියුණු ලෝක ආර්ථිකය තුල ලංකාව නැමති නොවැදගත් දූපත ආර්ථිකමය වශයෙන් ස්තානගතකරගත යුත්තේ කෙසේදැයි යන්නෙහිය. එසේ නොමැතිව අපගේ බංකොලොත් දූපත විසින් පනවන ආර්ථික කොන්දේසීන්වලට අනුව ගෝළීය ප්‍රාග්ධනය මෙහි පැමිණෙන්නේ නැත. ඒ සඳහා සියල්ලට පෙර අපගේ ඔළු කුහර තුල ඇති පැරකුම්, දුටුගැමුණු ඉතිහාස පුරාජේරු මන්ස්ගාත වලින් ඔළුව නිදහස්කරගැනීම සඳහා සංකෘතික විප්ලවයක් කලයුතුව ඇත.

මෙහිදී තවත් අඳබාල දේශපාලන නඩයක් දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවා රට ගොඩගත යුතුබව කියති. ඔවුන් පවසන දේශීය කෘෂිකර්මාන්තය කුමක්ද ?

ඒ පොහොර සහනාදාරයෙන් දුවන යැපුම් කෘෂිකර්මාන්තයද …?
නැත්නම් වැව් හාරන වැඩවසම් කෘෂිකර්මයද …?

මේ සියවසේ වවාගෙන හිටවගෙන කන ආර්ථිකය යනු ආදිවාසී ආර්ථිකයක් මිස ගෝළීය ආර්ථිකයක් නම් වන්නේ නැත. ලෝකයේ මේවනවිට මහාපරිමාණව කෘෂිකර්මය කරන රටවල්වල වගාව සඳහා අක්කර මිලියන ගනන් යොදවයි. එහිදී ඔවුන් යොදාගන්නා තාක්ෂණයද අපට ලංවෙන්නවත් බැරි තත්වයක පවතී.

ලංකාව තුල පවතින ඉඩම් ගැටළුව හා තාක්ෂණය පිළිඹඳ ප්‍රශ්නය නිසා දියුණු රටක කෘෂි පරිබෝජන බාන්ඩයක් නිපදවීමට යන පිරිවැය මෙන් කීප ගුණයක පිරිවැයක් ලංකාව තුල එය නිපදවීමට වැයවේ. එහිදී කලයුතුව ඇත්තේ අඩු මිලට පිටින් ගෙන්වාගත හැකිදේ ගෙන්වාගනිමින් එයට ගෙවීම සඳහා අවශ්‍ය විනිමය සෙවීමට උචිත ක්‍රම උපායක් ගෝලීය ආර්ථිකය තුලම සෙවීමය.

විවෘත ආර්ථිකය යනු විවෘත ආර්ථිකයම වේ. එහිදි මිලදීගැනීම හා පරිබෝජනය විවෘත ලෙසම සිදුවන අතර විකුනා දැමීම හා විකුනාදැමිය හැක්කෙ කුමක්ද යන්නද විවෘත ලෙසම සොයාබැලිය යුතුමය. ගෝළීය වෙළඳපොල තුල විකිනිය හැක්කේ එහිදී විකිනිය හැකිදේ මිස අපගේ සංකෘතික ලෝකය තුල උපකල්පනය කරන ශුද්දවූ දේ නොවේ.

ලංකාව බංකොලොත් වීමට අදාලව බලපෑ ප්‍රධානම සාරාත්මක සාධකය නම් මිලදී ගැනීම් තුල ලෝකයට විවෘත වූ නමුත් විකුනා දැමීම තුල එසේ කරගත නොහැකි වූ චිරාගත අවුලයි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan