සියලු පොරොන්දු ඉදිරි වසර 3 තුළ ඉටු කරනවා, කරනවාමයි. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

Date:

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“දැන් මේ වාඩිවෙලා ඉන්න වෙලාවෙත් ජොන්ස්ටන් ඇමතිතුමාගෙන් මං ඇහුවා මේක කොළඹටම යන්න මීරිගම ඉඳලා කඩවත කොටස කවද්ද හදලා ඉවර කරන්නෙ කියලා. මෙතුමා කිව්වා අවුරුදු එකහමාරක් ඇතුළත ජනාධිපතිතුමනි මං මේක ඉවර කරනවා කියලා. එතකොට කුරුණෑගල ජනතාවට කටුනායකට විතරක් නෙවෙයි මත්තලටත් යන්න පුළුවන්, කුරුණෑගලින් නැග්ගාම මත්තල ගිහින් තමයි නවතින්නෙ. අපි මේවා සියල්ලම අවසාන කරනවායි කියන එක මම සහතික කරනවා. ජොන්ස්ටන් ඇමතිතුමා වගේ ඇමතිකෙනෙක් අපට ඉන්නකොට, එතුමාගෙ කතාව ඇහුනාම අපට ඇඟට ලේ උනනවා.

හාමුදුරුවනේ අපි පොරොන්දු වෙනවා, මම අවුරුදු 5ක් තුළ කරනවායි කියලා පොරොන්දු වුණු වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි කියන එක මං තමුන්නාන්සෙලාට පොරොන්දු වෙනවා. අපි ජනතාවට කරනවායි කියපු ඒ වැඩකොටස මේ අවුරුදු 3 තුළ කරමුයි කියන එක තමුන්නාන්සෙලාගෙන් මම ඉල්ලා සිටිනවා. හැබැයි මාත් එක්ක එකතුවන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්. අපි පසුබට වෙන්නෙ නෑ.

අද මම ඔය මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. කවුරුවත් අතර තරගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ රට හදන්න. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. එහෙම නම් මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න. ඒක තමයි අවශ්‍යය. විවේචනය කරලා, ජනතාව අධෛර්යයමත් කරන්න එපා. ධනාත්මක විදියට හිතන්න”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...