දැනටමත් රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතිනවා – මහබැංකු අධිපති (VIDEO)

Date:

රටේ ආර්ථිකය දැනටමත් යහපත් අතට හැරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා කල්පනා කරන්නෙ මේ ආර්ථිකය කොයි කාලය වෙනකොට යහපත් අතට හැරෙයි කියලාද ?

“දැනටමත් යහපත් අතට හැරෙමින් පවතිනවා. මම හිතන්නෙ දැනට මාස තුන හතරකට පෙර තිබිච්ච තත්වයට වඩා දැන් ක්‍රමක්‍රමයෙන් යහපත් තත්වයට පත්වෙමින් යනවා”

ප්‍රශ්නය – ඩොලර් මිලියන 500ක ණය වාරිකය ගෙවන්නේ කවදාද ?

“කිසිම විටක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒක අනිවාර්යයෙන්ම ගෙවනවා. එදාට හරි දවසටම ගෙවනවා. මේ ජාත්‍යන්තර ගනුදෙනු හරි දිනයට කරන්න ඕනෙ”

ප්‍රශ්නය – අපට ශ්‍රී ලංකා සංචිත කොපමණ ප්‍රමාණයක් තියෙනවාද ?

“දැන් අපි පටන් ගන්නකොට මේ තාක් කල් අපි ගෙවලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 12,400ක්. ඒ 12,400 ගෙවලාත් තව මිලියන 3,100ක් අපි ළඟ තියෙනවා”

ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...