වැඳලා ඉල්ලන්නේ, රට දුවන්න හුස්ම ගන්න තව මාස හයක් දෙන්න – ඇමති හරීන් (VIDEO)

අමාරුකම් ඇතත් මේ වනවිට රටේ සාමාන්‍ය කටයුතු යළිත් සිදුවෙමින් ආර්ථිකය යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මම ඒ දවස්වල, අප්‍රේල් මාසේ කිව්වා ඔය ප්‍රශ්න ඇති වීගෙන එනකොට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නකොට, අපි ඔක්කොම එකතුවෙමු කියලා. එකෙක්වත් ආවෙ නෑ. ඊටපස්සෙ තමයි මම දමලා ගහලා මගේ හෘදසාක්ෂියත් එක්ක මම ගියේ. දැන් ඔබතුමාලා කියන සියලු දේ ඇත්ත බඩුමිල වැඩියි, අමාරුකම් ගොඩක් තියෙනවා, නමුත් රට දුවන්න පටන් අරන් තියෙනවා. රටේ වැඩ වෙන්න පටන් අරගෙන තියෙනවා. මේක බලාගෙන ඉන්න බැරි කාලකන්නි සෙට් එකක් ඉතාම බොළඳ පෙළපාලි යනවා. එතකොට ඔබතුමාලා තේරුම් ගන්න ඕනෙ මට මොනතරම් අමාරුද කියලා පිටරටවලට ගියාම සුද්දොන්ට ගිහින් කියන්න ලංකාව නෝමල් කියලා. මේ ඊයෙ පෙරේදා ආපු නැව ආපු වෙලාවේ අපි කරපු වැඩේ කොළඹ ත්‍රීවීල් 200ක් විතර ගෙනල්ලා මේ කට්ටිය නැවෙන් බස්සලා කොළඹ වටේ සංචාරයක් යැව්වා. යන ගමන් ගහපි කඳුළු ගෑස්. කවුද ඇවිල්ලා තියෙන්නෙ, අර අන්තරේ කියන සෙට් එකක් ඇවිල්ලා ඒක ඇතුළට රිංගාගෙන පාරවල් 5කින් ඇවිල්ලා … මොකටද කියන එක මට තේරෙන්නෙ නෑ. මම ඔබතුමාලාගෙන් වැඳලා එකක් ඉල්ලනවා, රට දුවන්න හුස්ම ගන්න තව මාස 6ක් ඉඩ දෙන්න. එහෙම නැතිවුණොත් අපි ඔක්කොම ඉවරයි”

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...