දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/29

Date:

1. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට අදාළව මරණ දණ්ඩය පැනවීමට පවා ප්‍රතිපාදන තිබෙන සිංප්පූරුවේ මත්ද්‍රව්‍ය අවභාවිතා කිරීමේ පනත (Misuse of Drugs Act) අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය – මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට මේ හා සමාන නීති හඳුන්වා දෙනු ඇති බවට විශ්වාස කෙරේ – කෙසේවෙතත්, මරණ දණ්ඩනය හඳුන්වා දීම සම්බන්ධයෙන් තීරණයක් තවමත් ගෙන නොමැති බව ද වාර්තා වේ.

2. බිත්තරයක් විකිණිය හැකි උචිත මිල ගණනය කර ඉදිරිපත්කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් හා වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

3. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ජනතාව ලක්ෂ ගණනින් සමඟ වීදි බැසීමට සමඟි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි – මෙරට සියල්ල දැන් සිදුවන්නේ ආපස්සට බව ද පවසයි.

4. දේශීය ණය කප්පාදුවක් (hair-cut) කිසිඳු විටක සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සපථ කර සිටියි – ඉදිරි වසර දෙක තුළ ආර්ථික වර්ධන වේගය සියයට 7 – 8 දක්වා ඉහළ නැංවීම සඳහා ආර්ථික ස්ථායීකරණය සඳහා විචක්ෂණශීලී ආර්ථික මූලධර්ම යෙදවීමට කටයුතු කරන බව ද අවධාරණය කරයි.

5. එළඹෙන අප්‍රේල් 15 වන දිනට පෙර ප්‍රමාණවත් තරම් ගල් අඟුරු තොග නොලැබුනහොත්, ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දීර්ඝතම විදුලි කප්පාදුවට ඉදිරියේදී මුහුණ දෙනු ඇති බවට විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න අනතුරු අඟවයි – වත්මන් විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 60,000 ක ගල් අඟුරු රැගත් නැව්ගත කිරීම් 38 අවශ්‍ය බවත්, මේ වන විට පැමිණ තිබෙන්නේ 04 පමණක් බවත් සිහිපත් කරයි.

6. ශ්‍රී ලංකාව ඉකුත් 2021 අගෝස්තු මස ලබා ගත් ඇ.ඩො. මිලියන 200 ක මුදල් හුවමාරුවෙන් (SWAP) පසු බොහෝ රටවල් බංග්ලාදේශයේ සහාය පතමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය ෂීක් හසිනා පවසයි.

7. චීනයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සඳහා ප්‍රදානය කරන ලද මෙට්‍රික් ටොන් 1,000 ක (පැකට්ටු 100,000 ක) සහල් රැඟත් තවත් නෞකාවක් දිවයිනට පැමිණි බව චීන තානාපති කාර්යාලය පවසයි – ඉකුත් ජූනි මස සිට, මෙට්‍රික් ටොන් 8,000 ක සහල් චීනය විසින් ප්‍රදානය කර ඇත.

8. අයවැයේ “මුදල් මූල්‍යකරණය සීමාකරන” සහ “උද්ධමනය පරීක්ෂාකළ” හැකිවන පරිදි මහ බැංකුවේ “ස්වාධීනත්වය ශක්තිමත් කරන” නව පනතක් නුදුරේදීම බලත්මක කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – මෙම නව නීතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමට “ප්‍රථම ක්‍රියාත්මක කිරීමට” නියමිත බව ද පවසයි – කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වා මස 08 හමාරක් ගත වී ඇති අතර, මේ වන තුරු කිසිඳු සහායක් හිමිව නැත.

9. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්නියමුවෝ තවදුරටත් සේවය හැර යති – වෘත්තියේ පුනර්ජීවනය අනතුරේ! – කොවිඩ් වසංගතයට පෙර සිටි ගුවන්නියමුවන් 318 දෙනාගේ කාණ්ඩයට සාපේක්ෂව, කොවිඩ් තත්ත්වයෙන් පසුව එම සංඛ්‍යාව 265 දක්වා පහත වැටුනු අතර, වර්තමානය වන විට එය 235 දක්වා පහත වැටී ඇත – තවත් 40 දෙනෙකු සේවය හැර යාමට නියමිත බව වාර්තා වේ – මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නුටාල් පිළිගනී.

10. පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළ නඩුවේ ඇප මත නිදහස්ව සිටින 38 හැවිරිදි සැකකරුවකු, මට්ටක්කුලිය ප්‍රදේශයේ දී රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...