ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට අමතර කාලයක්

Date:

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 30 වනදා සිට අමතර සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පුද්ගලික ආදායම් බදු, සමාගම් බදු, හවුල් ව්‍යාපාර බදු යනාදී මෙම බදු වාර්තා ගොනු කිරීම සඳහා වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයේ ගැටලුවක් හේතුවෙන් යම් තදබදයක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, එම අමතර සතියක කාලය තුළ භාරදෙන ආදායම් බදු ලිපිගොනු නොවැම්බර් 30 වනදා භාරදුන් ඒවා ලෙස සලකන අතර එම කාලය තුළ කිසිදු දඩයකට යටත් නොකර නවත් ඒ මහතා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා අද (01) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...