මීටත් වඩා ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න අපි ජන ජීවිතය වෙනස් කරගන්න ඕනෑ – අගමැති

Date:

ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් සහ තදබදයන් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“මේ ආර්ථික අර්බුදයකට අපේ රට මුහුණ දෙනවා. ඒ ආර්ථික අර්බුදය සහ ලෝක ආර්ථික පසුබෑම මත අද මතුවී තිබෙන ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව අද අපි හොඳින් දන්නවා. දියුණු රටවල්වලත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පෝලිම් තුළ ලබාගැනීමේ විශාල තදබදයකට ඒ රටවල් පරිවර්තනය වෙමින් ඉන්නවා. අපිත් මේ ආකාරයෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේ විදයම් අඩුකොට ආදායම් වැඩිකර ගැනීමටත්, ඒවාගේම නාස්තිකාර ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව නොදී ඵලදායී ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීම සඳහාත් මේ වැඩපිළිවෙලේ කොටසක් බවට පත්කරලා තිබෙනවා. අපේ ජීවිත කාලයට මෙවැනි අර්බුදයකට මුහුණ දීලා නෑ. ඒවාගේම මීටත් වැඩි අර්බුදයකට අපි මුහුණ දීම සඳහා අපේ ජන ජීවිතයේ හැඩරුව යම්කිසි දුරකට වෙනස් කරගැනීමට හෝ පාලනය කරගැනීමට අවශ්‍ය වෙනවා. මේ කෙටිකාලීන අන්තර්කාලීන පරිච්ඡේදය එසේ ඉටුකරගන්න අපට පුළුවන් වුණොත් ඒ වෙනුවෙන් වැයවෙන විශාල ධනයක් අයවැය ලේඛනයෙන් මහජන අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකර ගැනීමට පුළුවන් වෙනවා”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ සීතාවක ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...