කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට

Date:

ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩයමට එරෙහිව 3-0 ක ජයග්‍රහණයක් වාර්තා කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. කෙසේ නමුත් භානුක රාජපක්ෂ, වනිඳු හසරංග ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නොමැතිව තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණය කිරීම එතරම් පහසු නොමැත.

තරග තහනම ඉවත් කිරීමෙන් පසු පළමුවරට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරයි.

වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර 203 වැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනාගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...