පළමු දෙදින වැඩි වාර්තා දකුණෙන්

Date:

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරගවල දෙදිනක් නිමාවේ බාලක බාලිකා සූරතාවයන් සඳහා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තියුණු තරගයක් ලබා දෙමින් සිටිනවා.මේ වන විටත් මාතර රාහුල විද්‍යාලය එල්ල කරන ප්‍රබල අභියෝගය මැද වත්තල ලයිසියම් බාලකයන් පෙරමුණේ රැඳි සිටිනවා.
බාලිකා අංශයේ පෙරමුණ ගෙන සිටින්නේ මහනුවර මැණික්හින්න වලල ඒ රත්නායක විද්‍යාලය යි.ඊට ආසන්න වෙමින් අභියෝග කරමින් සිටින්නේ වත්තල ලයිසියම් ක්‍රීඩිකාවෝ යි.දින දෙකක ගෙවෙන තැන අලුත් වුණ වාර්තා අටෙන් හතරක් බාලක වාර්තා වන අතර බාලිකා වාර්තා අටක් ද එක් වී තිබෙනවා.මෙම වාර්තා අටෙන් හතරක්ම දකුණු පළාතට හිමිවන අතර බාලක වාර්තා හතරෙන් තුනකට හිමිකම් කියන්නේ දකුණේ ක්‍රීඩකයෝ යි.දකුණට හිමි වී තිබෙන බාලිකා වාර්තාව හිමි කර ගත්තේ දික්වැල්ලේ විජිතය නියෝජනය කරන ඒෂානි ෂෙහාරායි.ඇය අවුරුදු 14 න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.32 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.
හමුබන්තොට උතුරු කණුමුල්දෙණිය විද්‍යාලයේ තුෂාන් කුමානායක අවුරුදු 14 න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 11.9 න් අවසන් කරමින් සිය නම වාර්තා පොත් තුළ රඳවනු ලැබුවා.මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දිනෙත් ඉන්දුවර වීරරත්න අවුරුදු 18 න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 10.7 න් නිමා කරමින් නව වාර්තාලාබියෙක් බවට පත් වුණා.අවුරුදු 20 න් පහළ යගුලිය ඉසව්වේදී මාතර රාහුලේ උවිඳු සුදාරක නව වාර්තා අතරට සිය නම එක් කළේ මීටර් 15.4 ක් දක්ෂතාවයක් දක්වමින්.
ජයවි රතිද අවුරුදු 18 න් පහළ යගුලිය වීසි කිරීමේ ඉසව්වේදි මීටර් 16.9 ක වාර්තාගත දස්කමක් දක්වමින් එහි රන් පදක්කම පානදුර රාජකීය විද්‍යාලයට හිමිකර දෙන්න සමත් වුණා.ෂේෂා උමායා රත්නායක අවුරුදු 16 න් පහළ මීටර් 100 තරගය තත්පර 12.64 න් නිමා කරමින් නව වාර්තාවක් තැබුවා.ඇය වත්තල ලයිසියම් විද්‍යාලය නියෝජනය කරමින් මෙම ඉසව්වට සහභාගි වුණා.පැහැදිළි අනාගතයක් සහිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ මතු බලාපොරොත්තු සපිරි ක්‍රීඩිකාවක වන තරුෂි කරුණාරත්න මීටර් 400 ඉසව්වේ රන් පදක්කම වලල රත්නායකය සතු කර දුන්නේ තත්පර 54.79 ක දක්ෂතාවයක් දක්වමින්.ඇය මෙන්ම මෑත කාලයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉසව් අතර වැඩි අවධානයකට ලක් නොවි තිබෙන ඉසව්වක් වන යගුලිය වීසි කිරීමේ ඉසව්වෙන් ඉහළ දස්කම් දක්වන කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර අවුරුදු 20 න් පහළ යගුලිය ඉසව්වෙන් මීටර් 12.72 ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් තැබුවා.ඡායාරූපයේ දැක්වෙන්නේ යගුලිය වීසි කිරීමේ සූරිය ඔවිනියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...