විශේෂ රැස්වීමක් 8 වැනි දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේදී..

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පෙරවරුවේ නිවේදනය කළේය.

එහිදි සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ලෙස අදාළ මන්ත්‍රීවරයා පත් කර ගැනීම සදහා විපක්ෂ නායකවරයා අයත් සමගි ජනබලවේගය සහ රජය නියෝජනය නොකරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් එම රැස්වීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් කථානායකවරයා නිවේදනය කළේය.

එසේම එම රැස්වීමට නොපැමිණ, මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා හෝ ඉල්ලීම් පිළිබද කිසිදු සලකා බැලීමක් සිදු නොකරන බවත් කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

රෂිකා හෙන්නායක
2022.12.06

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...