සුප්‍රසිද්ධ පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර් රුසියාවේ මරණයේ වෙළෙන්දා සමඟ හුවමාරු කර ගැනේ

Date:

පසුගිය පෙබරවාරි මාසයේ දී ගංජා ‌තෙල් ළඟ තබා ගැනීමේ වරදට මොස්කව් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර් සිරගත කෙරිණි. ඇගේ දඬුවම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් අවස්ථා කිහිපයකදී රුසියාවෙන් ඉල්ලීම් කලද එය පලක් නොවීය.


අවසානයේ දී බයිඩන්ගේ පරිපාලනය විසින් ජූලි මාසයේදී රුසියාවට සිරකරුවන් හුවමාරුවක් යෝජනා කළේය. ඒ අනුව යමින් අවසානයේ වසර 12ක් තිස්සේ ඇමෙරිකානු බන්ධනාගාරයක රඳවා සිටි කුප්‍රකට අවි වෙළෙන්දෙකු වන වික්ටර් බෝට් වෙනුවෙන් සිරගත කර සිටින එක්සත් ජනපද පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර් හුවමාරු කර ගැනීමට එක්සත් ජනපදය සහ රුසියාව එකඟ විය.


ඒ අනුව බ්‍රිට්නි පෙරේදා(08)දිනයේදී නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ සිට ප්‍රකාශ කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් යානයක ග්‍රිනර් ආරක්ෂිතව සිටින බවත්, ඇය යහපත් මනෝභාවයකින් සිටින බව පැවසීමට තමා සතුටුවන බවත්ය.


රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ “මරණයේ වෙළෙන්දා” නැවත පැමිණි බවයි. එමෙන්ම රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “රුසියානු පුරවැසියා ඔහුගේ මව්බිමට ආපසු යවා ඇති” බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...