*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

2022 වසරේ දී ලොව පුරා මාධ්‍යවේදීන් 67 දෙනෙකු මරා දැමේ – ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) විසින් ඉදිරිපත් කරන ලද නව වාර්තාවකට අනුව, 2022 වසරේ ලොව පුරා මාධ්‍ය වේදීන් 67 දෙනෙකු මරා දමා ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් යුක්රේනයේ රුසියාවේ යුද්ධය, හයිටියේ අවුල් සහගත තත්ත්වය සහ මෙක්සිකෝවේ අපරාධ කණ්ඩායම් විසින් ඉහළ යන ප්‍රචණ්ඩත්වය ආදිය බලපා ඇති බව වැඩිදුරටත් එහි සඳහන් වේ.

IFJ වාර්තාවට අනුව යුක්රේනයේ යුද්ධය ආවරණය කිරීම සඳහා මාධ්‍ය සේවකයින් වැඩි ප්‍රමාණයක් සහභාගී වු බවත් යුද්ධයේ අවුල්සහගත මුල් සතිවල දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් 12 දෙනෙකු පමණ මිය ගිය බව කියැවේ.

IFJ ප්‍රධාන ලේකම් ඇන්තනි බෙලන්ගර් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙක්සිකෝවේ සාපරාධී සංවිධානවල භීෂණයේ පාලනය සහ හයිටියේ නීතිය හා සාමය බිඳවැටීම ද ඝාතන ඉහළ යාමට හේතු වී ඇති බවයි.

IFJ සංගමය ලොව පුරා රටවල් 140කට වැඩි සංඛ්‍යාවක වෘත්තීය සමිති සහ සංගම්වල මාධ්‍ය වෘත්තිකයන් 600,000කගෙන් සමන්විත අයතනයකි. ඔවුන් විසින් පකිස්ථානයේ මේ වසරේ දේශපාලන අර්බුදය මධ්‍යයේ මාධ්‍යවේදීන් පස් දෙනෙකුගේ මරණයන් වාර්තා කළ අතර කොලොම්බියාවේ මාධ්‍යවේදීන්ට නව තර්ජන සහ පිලිපීනයේ නව නායකත්වය තිබියදීත් එහි මාධ්‍යවේදීන්ට අඛණ්ඩ අනතුරු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නට විය. මෙලෙස ඝාතනයට ලක්වන මාධ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් IFJ සංගමය හා අනෙකුත් මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායම් සමඟ එක්ව මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා වඩාත් සංයුක්ත ක්‍රියාමාර්ගන් ගන්නා ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටිති. සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan