සරසවි සිසුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම කනගාටුවට කරුණක් – මහින්ද රාජපක්ෂ

Date:

ඇතැම් සරසවි ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන පක්ෂවල අතකොළු වී ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම කනගාටුවට කරුණක් බවත් මේ වන විට එම සරසවි දරුවන් තමන්ටම ඉගැන් වූ මහාචාර්යවරුන්ට පහරදීමට තරම් තත්ත්වයකට පත්වීම අදහාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අතුල සේනාරත්න මහතාට එල්ල කරන ලද ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවත් එම පුවත අසා තමා කම්පා වූ බවත් ප්‍රකාශ කළේය.

සරසවි සිසුන් සමාජය ගැන අවධියෙන් සිටිමින් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කළ යුතු බුද්ධිමත් කොටසක් බවත් එවැනි පිරිසක් තමන්ට ඉගැන් වූ මහාචාර්යවරයකුට මේ ආකාරයෙන් පහරදීම කිසිවෙකු අනුමත නොකරන බව ද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

තමා සහ පවුලේ සාමාජිකයින් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ බවත් ඇතැම් සිසුන් අයිස් වැනි මත්ද්‍රව්‍ය ලබා ගෙන තිබුණා ද කියන සාධාරණ සැකය තමාට මතු වූ බවත්, සිසුන් මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේ ද කියා විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බවත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම සිද්ධියට සම්බන්ධව සියලුම සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මැදිහත්වන ලෙසත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදි වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...