*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

මොරොක්කෝවෙන් ප්‍රංශය නිදහස් වීම සහ රාජ්‍යතන්ත්‍රිකයාගේ ක්‍රීඩාශිලීත්වය

ප්‍රංශයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය ඇතිදැයි අපි නොදනිමු.ඒ නිසාම නොකියමු.ඒහෙත් ඒහි අසමානතාවයන් ඉතා අඩු වර්ණය, ආගම,ජාතිය අදාළ නොවන ප්‍රංශ වැසියෙක්වීමට අවශ්‍යය පහසුකම් ඇති බව ප්‍රංශ පාපන්දු කණ්ඩායම දුටු සැනින් හඳුනාගන්නට අපහසු නැත.නමුත් තවමත් ප්‍රංශ ගතවීමෙන් දියුණු මනසක් ඇති කර ගැනීම වෙනුවට සුපුරුදු ගෝත්‍රික අදහස්වලම එළැඹ කටයුතු කරන පිරිස් ද සිටිය හැකිය.ලංකාවේ තීරණාත්මක අවස්ථාවල ඒවැනනන්ගේ ගොම මැටි අදහස් ද තීරණාත්මක ලෙස ඔවුන් අතැර ගිය බිමට බලපාන අවස්ථා අපි අත් විඳ ඇත්තෙමු.

ඊයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර පාපන්දු අවසාන පූර්ව තරගය ඇරඹුණේ ද එවැනි තත්ත්වයකට ප්‍රංශය පත් වේය යන සැකය සහ බිය මුසු පරිසරයකය.ඒ ඒරට වෙසෙන මොරොක්කෝ සම්භවයක් ඇති පිරිස් පෘතුගාලය පරාජය කිරීමෙන් පසුවද සතුට ප්‍රකාශ කරන්නට සහ තමන්ගේ මොරොක්කෝකම පෙන්වන්නට යම් යම් විනාශකාරී ක්‍රියාවල නිරත වී තිබුණ නිසාය.ඒ නිසා ප්‍රංශය රැක ගැනිමට ප්‍රංශ පාපන්දු කණ්ඩායමට විශාල වැඩ කොටසක් පැවරී තිබිණ.එය එසේ නොවුණහොත් රටේ සාමය ආරක්ෂා කරන්නට විශේෂ පොලිස් කණ්ඩායම් සහ හමුදා බල ඇණි සෑම තැනකම පිරී තිබිණි.

එහෙත් ජයග්‍රහණය ප්‍රංශයටය.ඒ නිසා ජයෙන් වියරු වැටීම් වෙනුවට එම උද්දාමය මිත්‍රශීලීව බෙදා ගන්නට ප්‍රංශ ආදරය සමත් විය.මේ සමග ඇති ඡායාරූප කියන්නේ ජයග්‍රහණය බෙදා ගැනීමේ හැටි ගැනය.මිත්‍ර සංජීව බටුවත්ත පංශ මාධ්‍ය පවා යොදා ගනිමින් එසැනින් ප්‍රංශ ජාතිකයන් ප්‍රීතිය භුක්ති විඳින හැටි මවෙත හුවමාරු කරන්නට නොපැකිළිව ඉදිරිපත් විය.
ඒ අතර සංජීව එවූ එක් ඡායාරූපයක වූයේ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනකි.එහි වූයේ ප්‍රංශ කණ්ඩායම නොවේය.ප්‍රංශයේ එම්බාපේ සහ මොරොක්කෝවේ හකීම් වැළඳගෙන සිටින ඡායාරූපයකි.දේශ සීමා ඉක්මවා ගිය මේ මිතුරුකම සමඟ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සුබ පතන්නේ මොරොක්කෝවටය.
“පාපන්දු ඉතිහාසය වෙනස් කළ මොරොක්කෝ මිතුරන්ගේ ලස්සන ගමනට අපේ සුබ පැතුම්” යන්න එහි සඳහන්ව තිබිණ.

සමහර රටවල බලය වෙනුවෙන් ජනතාව අන්දන්නේ බෙදීම් ඇති කරමින්ය.ජාතිය සහ ආගම පදනම් කරගෙන මැතිවරණ ජයග්‍රහණ ඒවාට බැර කර ජනප්‍රියත්වය රැකගන්න බලන තක්කඩිකම් අපටත් නුහුරු නැත.නමුත් නිහතමානීත්වය රටකට ආභරණයක් කර ලෝකය ඉදිරියේ එරට අභිමානයට ගෞරවයට සහ මානුෂීය රාජ්‍යයක් බවට අනන්‍ය කිරීම පාලකයාගේ යුතුකමය.ඊට අවශ්‍යය සංයමය,සංවරය සමඟ ප්‍රංශ නායකයා කටයුතු කිරීම ප්‍රංශය වැනි දියුණු රටක නායකයෙක් වන්නට කොච්චර දියුණු මනසක් අවශ්‍යයද යන්නත්,දියුණු රටකට මෙන්ම රටක් දියුණු වෙන්නට ද දියුණු නායකයන් තෝරා ගත හැකි ජනතාවක් සිටිය යුතුය යන්නත් සිතීමට එය හොඳ උදාහරණයකි.

පැරිස් නුවර මෙන්ම ප්‍රංශයේ සෑම ප්‍රදේශයකම සැණකෙළිසිරියෙන් ඇවිලිනි.ලොකු පොඩි බේදයක් නැතුව මිනිසුන් එකට සතුටු වන්නට විය.ලෝකයේ ලස්සනම විදිය හැටියට සළකන අති ප්‍රභූ අය අවශ්‍යයතා මිලදි ගැනීමේ දී විශාල අවධානයක් දෙන තැනක් වන Avenue des Champs-Élysées ජනතාවගෙන් පිරි ඉතිරී තිබිණ.සිංහලෙන් වනද්දී ෂෙම්ප්ලි එල්යීස් මෙන්ම චෙම්ප්එල්යීස් සේ ද ආසන්න උච්චාරන ඇති එම වීදිය ඊයෙ එකම හිස් ගොඩක් බවට පෙරළමින් ජයග්‍රහණය, ලස්සන මිනිස් ක්‍රියාකාරකම් සමඟ ලස්සනම වීදිය මත ඇතිරීය.
මොරොක්කෝ ජයග්‍රහණය කළේ නම් වෙනස් වේ යැයි සිතා සිටි ගැටුම්කාරි තත්ත්වයන් වාර්තා වූ බවක් තවමත් දකින්නට නැත.ප්‍රංශය ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නට කටයුතු කළේය.ඒ පොළව ජාතියක නොවේය.ආගමක නොවේය.උපන් අයගේම ද කියන්නට නොහැකිය.එහි පුරවැසි වූ සැමට හිමිකම් සමානව බෙදෙන සමට සම බිමකි.එය ප්‍රංශ ජාතිකයන්ගේ රටය.වඩා වැදගත් ලෝකයට දෙන ඒ පණිවිඩය ය.
ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ තිබූ සටහනය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan