ඩොලර් බිලියන 8ක් දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කරනවා – අලි සබ්රි

Date:

අමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමට අමතරව බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලබන වසරේදී ඩොලර් බිලියන 5ක් දක්වා ශ්‍රී ලංකාව ණය අපේක්ෂා කරන බව පෙන්වා දෙන ඒ මහතා රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රජයට ඩොලර් බිලියන 3ක් දක්වා මුදල් රැස් කළ හැකි බවද කියා සිටියි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන ආධාරයට අමතරව අනෙකුත් ආයතන දෙස අවධානය යොමු කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා බහුපාර්ශ්වික වශයෙන් තවත් ඩොලර් බිලියන 4ක් – 5ක් එකතු කර තිබෙන බවද කියා සිටියි.

ජනාධිපතිවරයා මෙරට ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දී තිබෙන ඒ මහතා ඒ හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක් – 3ක් රැස කරගත හැකි වන්නේ නම් මහා භාණ්ඩාගාරයේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වන බවද සඳහන් කරයි.

දශක හතකට වැඩි කාලයක් තුළ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ සිටින ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 2.9ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹුණු බවද එය ලබන වසරේ අනුමත කළ හැකි බවද කියා සිටියි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ...

සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින්...

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...