පැහැරගෙන ගොස් පහරදී කනත්ත අසල දමා ගිය ප්‍රකට ව්‍යාපාරිකයා මරුට !

Date:

පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකොට බොරැල්ල කනත්ත අසල මෝටර් රථයක දමාගොස් සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා මියගොස් තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ මල්පාරේ පිහිටි නිවසෙන් 14 වනදා දහවල් පිටව ගොස් ඇත්තේ ණය හිමියකු හමුවීමට බව පවසමිනි. කෙසේවෙතත් මඳ වේලාවකින් ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර දුරකථනයෙන් ලැබුණු සංඥා අනුව එය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව සැක සිතූ බිරිඳ එම ස්ථානයට සමාගමේ නිලධාරියෙකු යවා පරීක්ෂා කර ඇති අතර එහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ දෑත් බැඳ, ගෙල ද ප්ලාස්ටික් පටියකින් බැඳ, දමාගොස් ඇති අයුරු දැක ගැනීමට ලැබී තිබේ.

දැඩි ලෙස පහරදීම හේතුවෙන් බරපතළ තත්වයෙන් පසුවූ ඒ මහතාව වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියයන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා 51 වැනි වියේ පසුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...