පැහැරගෙන ගොස් පහරදී කනත්ත අසල දමා ගිය ප්‍රකට ව්‍යාපාරිකයා මරුට !

පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකොට බොරැල්ල කනත්ත අසල මෝටර් රථයක දමාගොස් සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා මියගොස් තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ මල්පාරේ පිහිටි නිවසෙන් 14 වනදා දහවල් පිටව ගොස් ඇත්තේ ණය හිමියකු හමුවීමට බව පවසමිනි. කෙසේවෙතත් මඳ වේලාවකින් ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර දුරකථනයෙන් ලැබුණු සංඥා අනුව එය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව සැක සිතූ බිරිඳ එම ස්ථානයට සමාගමේ නිලධාරියෙකු යවා පරීක්ෂා කර ඇති අතර එහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ දෑත් බැඳ, ගෙල ද ප්ලාස්ටික් පටියකින් බැඳ, දමාගොස් ඇති අයුරු දැක ගැනීමට ලැබී තිබේ.

දැඩි ලෙස පහරදීම හේතුවෙන් බරපතළ තත්වයෙන් පසුවූ ඒ මහතාව වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියයන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා 51 වැනි වියේ පසුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...