මේ තියෙන්නෙ මගේ විශ්වවිද්‍යාල ප්‍රතිඵල ලේඛනය. මේකෙන් පළමු සහ දෙවෙනි වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය හා තෙවෙනි හා සිව්වන වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය අතර වෙනස ගැන හොද නිරීක්ෂණයක් කරන්න පුළුවන්.
මගේ තෙවන වසර විභාගයට පෙර 1987 ජූලි මාසයේ විශ්වවිද්‍යාල වහනව. ආයෙ අරින්නේ 1990 ජනවාරි. මේ අතර කාලය තුළ මගේ විශාල බුද්ධිමය පරිවර්තනයක් වෙනව. ඒකට හේතුව මම තදින් වාමාංශික දේශපාලන කව හා ඒ ආශ්‍රිතව සිටි බුද්ධිමත් පිරිස් සමග ඇසුරු කිරීම. ඒ නිසා තමයි මට තෙවෙනි වසරේ හා සිවුවන වසරේ සාපේක්ෂ වශයෙන් හොද ප්‍රතිඵල ලබාගෙන් දෙවන පෙළ ඉහළ සමාර්ථයක් ගන්න හැකිවුනේ.
එහෙම වෙලත් සාමාන්‍ය මට්ටමේ සරළ ඉංග්‍රීසි භාෂාවෙන් දර්ශන පති උපාධි නිබන්ධයක් ලිවීමේ හැකියාව ලැබුනේ ඊටත් අවුරුදු 10කට පස්සෙ. ඒ කියන්නේ වසර 2000. පීඑච්ඩී උපාධිය ගන්න පුළුවන් වුනේ 2007. ඒ වයස 42 දි.
මේ තමයි සාමාන්‍යෙයන් අඩු බුද්ධිමය හැකියාවක් ඇතිව විශ්වවිද්‍යාලවලට එන අයගෙ තත්වය. මම හිතන්නේ මම වගේ සමාජ ආර්ථික පසුබිමකින් එන, ඉහළ බුද්ධිමය හැකියාවක් නැති කෙනෙකුගේ දැන් සාපේක්ෂ තත්වය මගේ 1984 තත්වයට වඩා පහළයි. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයත් ඒ තරම් ඉහළ බුද්ධිමය අත්දැකීම් සදහා සිසුන් යොමු කරන එකක් නෙවෙයි. මගේ නියම විශ්වවිද්‍යාල අධ්‍යාපන සමය වුනේ 1987 ජූලි සිට 1990 ජනවාරි දක්වා වූ කාලය. ඒ අර්ථයෙන් මගේ මහාචාර්ය කමේ ගෞරවය යන්න ඕනෙ රෝහණ විජේවීරට.
~ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
RN