මේක ජීවිතය අනතුරේ හෙළීමක් – දුමින්ද නාගමුව

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (15 දා) මාධ්‍යයට පැවසීය.

මෙය කුමන්ත්‍රණයක් යැයි ද පැවසූ නාගමුව මහතා බූස්ස බන්ධනාගාරයේ දී මින් පෙර රැඳවියන් පිරිසක් ඝාතනය වූ බව අමතක නොකළ යුතු යැයි ද සඳහන් කළේය.

වසන්ත මුදලිගේට එරෙහිව අධිකරණයට සාක්ෂි ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට නොහැකි වූ බවත් මෙසේ බන්ධනාගාරය මාරු කරන්න හදන්නේ එවැනි පසුබිමක බවත් නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...