නරේන්ද්‍රසිං මෝදි යනු මස් වෙළෙන්දෙක්- පාකිස්ථානු විදේශ ඇමති

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශයක් සම්මත කිරීමෙන් පසු ඊයේ(15)දිනයේදී ත්‍රස්තවාදයේ වැඩිවන අන්තරයාන් සම්බන්ධයෙන් පකිස්ථානයේ භූතෝ සර්දාරි සහ ඉන්දියාවේ සුබ්‍රමනියම් ජයශංකර් යන විදෙස් අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී ඇති බව වාර්තා වේ.

මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පාකිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට චෝදනා කිරීමෙන් අනතුරුව පාකිස්ථානයේ විදේශ අමාත්‍යවරයා පෙරළා චෝදනා කර තිබුණේ නරේන්ද්‍රසිං මෝදි යනු ගුජරාටයේ මස් වෙළෙන්දෙකු බවටයි.

2008 වසරේදී පුද්ගලයින් 175කට හා ප්‍රහාරකයන් 9 දෙනෙකුට මරු කැඳවූ මුම්බායි ප්‍රහාරය සිදු කරනු ලුබුවේ පාකිස්තානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තයිබා සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් බව ප්‍රකාශ කළ සුබ්‍රමනියම් විස්තර කර තිබුණේ පාකිස්ථානය සන්නද්ධ සටන්කරුවන්ට ඉස්ලාමාබාද් භූමියේ සහයෝගය ලබා දෙන බවයි. ඒ අනුව පාකිස්ථානය ඔහු හැඳින්වූයේ ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දක්වනු ලැබූ පාකිස්ථාන විදේශ අමාත්‍ය භූතෝ-සර්දාරි ප්‍රකාශ කරනු ලැබුවේ 2002 ආගමික කෝලාහලවලින් මුස්ලිම්වරු මිය යන විට ගුජරාටයේ මස් වෙළෙන්දා ඇස් වසා සිටි බවත්, ඔහු වත්මන් අගමැති නරේන්ද්‍රසිං මෝදි බවත්ය.


2007 දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඔහුගේ මව සහ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ ගැන සඳහන් කරමින් භූතෝ-සර්දාරි කියා සිටියේ තම රට ත්‍රස්තවාදයෙන් තවත් බොහෝ ජීවිත අහිමි කර ඇති බවයි. තමා මුස්ලිම් ජාතිකයෙකු ලෙසත්, පකිස්ථානුවෙකු ලෙසත්, ත්‍රස්තවාදයේ ගොදුරක් ලෙසත් 2011 සිට සිය ජීවිතය පවා අනතුරට ලක්ව ඇති බවයි. ත්‍රස්තවාදය යන්න ආගමක් හෝ සීමා මායිමක් නොදන්නා එකක් බව ඔහු මෙහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර දේශපාලනික නොසන්සුන්තා ඇති වී ඇති අතර 1947 දී කාශ්මීරයේ අයිතිය පිළිබඳ ගැටුමේ සිට ප්‍රධාන වශයෙන් රටවල් දෙක අතර යුද්ධ තුනක් හා ඔවුන්ගේ නොසන්සුන් දේශසීමා දිගේ ගැටුම් කිහිපයක් ඇති වී තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...