නරේන්ද්‍රසිං මෝදි යනු මස් වෙළෙන්දෙක්- පාකිස්ථානු විදේශ ඇමති

Date:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශයක් සම්මත කිරීමෙන් පසු ඊයේ(15)දිනයේදී ත්‍රස්තවාදයේ වැඩිවන අන්තරයාන් සම්බන්ධයෙන් පකිස්ථානයේ භූතෝ සර්දාරි සහ ඉන්දියාවේ සුබ්‍රමනියම් ජයශංකර් යන විදෙස් අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී ඇති බව වාර්තා වේ.

මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පාකිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට චෝදනා කිරීමෙන් අනතුරුව පාකිස්ථානයේ විදේශ අමාත්‍යවරයා පෙරළා චෝදනා කර තිබුණේ නරේන්ද්‍රසිං මෝදි යනු ගුජරාටයේ මස් වෙළෙන්දෙකු බවටයි.

2008 වසරේදී පුද්ගලයින් 175කට හා ප්‍රහාරකයන් 9 දෙනෙකුට මරු කැඳවූ මුම්බායි ප්‍රහාරය සිදු කරනු ලුබුවේ පාකිස්තානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තයිබා සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් බව ප්‍රකාශ කළ සුබ්‍රමනියම් විස්තර කර තිබුණේ පාකිස්ථානය සන්නද්ධ සටන්කරුවන්ට ඉස්ලාමාබාද් භූමියේ සහයෝගය ලබා දෙන බවයි. ඒ අනුව පාකිස්ථානය ඔහු හැඳින්වූයේ ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දක්වනු ලැබූ පාකිස්ථාන විදේශ අමාත්‍ය භූතෝ-සර්දාරි ප්‍රකාශ කරනු ලැබුවේ 2002 ආගමික කෝලාහලවලින් මුස්ලිම්වරු මිය යන විට ගුජරාටයේ මස් වෙළෙන්දා ඇස් වසා සිටි බවත්, ඔහු වත්මන් අගමැති නරේන්ද්‍රසිං මෝදි බවත්ය.


2007 දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඔහුගේ මව සහ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ ගැන සඳහන් කරමින් භූතෝ-සර්දාරි කියා සිටියේ තම රට ත්‍රස්තවාදයෙන් තවත් බොහෝ ජීවිත අහිමි කර ඇති බවයි. තමා මුස්ලිම් ජාතිකයෙකු ලෙසත්, පකිස්ථානුවෙකු ලෙසත්, ත්‍රස්තවාදයේ ගොදුරක් ලෙසත් 2011 සිට සිය ජීවිතය පවා අනතුරට ලක්ව ඇති බවයි. ත්‍රස්තවාදය යන්න ආගමක් හෝ සීමා මායිමක් නොදන්නා එකක් බව ඔහු මෙහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර දේශපාලනික නොසන්සුන්තා ඇති වී ඇති අතර 1947 දී කාශ්මීරයේ අයිතිය පිළිබඳ ගැටුමේ සිට ප්‍රධාන වශයෙන් රටවල් දෙක අතර යුද්ධ තුනක් හා ඔවුන්ගේ නොසන්සුන් දේශසීමා දිගේ ගැටුම් කිහිපයක් ඇති වී තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...