*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

ආසියාව අසනීපයි කිව්වාම මව් රටෙන් ආදාහනය කරන්නට හැදීමක් – රගර් සභාපතිගේ තහනම ගැන පණ්ඩුක කීර්තිනන්ද පවසයි

රගර් සම්මේලන සභාපති රිස්වි ඉල්ලියාස්ට එරෙහිව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පනවා ඇති තහනම නීති විරෝධි එකක් බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පෙන්වා දෙනවා.ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර අධිකරණය මඟින් ලද අවසරයකින් පසුව පැවත් වූ නිලවරණයකින් බලයට පත්ව මාස ගණනකට පසුව ආසියානු රගර් සම්මේලනය විසින් පවත්වනු ලබන විනය පරීක්ෂණයක් පාදක කරගෙන මේ ආකාරයට තහනම් කිරීම යුක්ති සහගත නැති අසාධාරණ ක්‍රියාවක් බවයි.


ආසියානු සම්මේලනය මඟින් විනය පරීක්ෂණයක් පවත්වන බව කී විට,ශ්‍රී ලංකාව විනය පරීක්ෂණයකින් තොරව තහනමක් පැනවීම නීත්‍යාණුකූල නොවන මෙන්ම සදාචාරාත්මක ද නොවන්නක් බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්දගේ අදහසයි.ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ ද කාර්යභාරය විය යුත්තේ ක්‍රීඩාවේ සංවර්ධනය සහ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා පනත අනුව නීත්‍යාණුකූලව ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට අවශ්‍යය සහයෝගය සහ නිදහසේ වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරිම බවත්,මෙවැනි ක්‍රියාවලින් සිඳුවන්නේ එවැනි ක්‍රියාකාරී සංගම් සහ නිලධාරීන් අකර්මන්‍ය කර ක්‍රීඩා පනත ක්‍රීඩාව විනාශ කිරීමට යොදා ගැනීමක් බවත් නීතිඥවරයා වැඩි දුරටත් කරුණු අවධාරණය කළේය.
නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද 2012 දී හඳුන්වාදුන් ක්‍රීඩා ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවලියට ද සම්බන්ධව වැඩ කරපු අයෙක් වන අතර ඔහු ඒ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා පනතෙන් ලැබෙන බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ඔහුගේ රුචි අරුචිකම් මත නොව,ක්‍රීඩාවේ සංවර්ධනයට සහ එහි පරිපාලනයේ ස්වාධිනත්වයට හානි නොවන අයුරෙන් බවයි.අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඕනෑම විදිහේ අකටයුත්තකට අසාධාරණයකට නීතියෙන් විධි විධාන ලබා දී නැති බවද නීතිඥවරයාගේ අදහස විය.
ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට ජාත්‍යන්තර සංවිධානයකින් චෝදනාවක් එල්ලවන්නේනම් හෝ පරීක්ෂණයක් සිඳු කරන්නේනම් එම පුරවැසියාට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්නට අයිතියක් ඇති අතර,ඔහු තීන්දුවකින් තොරව වරදකරුවෙක් වන්නේ ද නැත. නමුත් මෙහිදී සිඳු වී ඇත්තේ ආසියාව අසනීපයෙන් කී රෝගියා ඔහුගේ මව් රටෙන් ආදාහනය කිරීමට උත්සාහ කිරීමක් පන්නයේ වැඩක් බව ද අවධාරණය කළේය.
එයද පුද්ගල කේන්ද්‍රීය කාරණයක් බව පැවසූ නීතිඥවරයා රටේ රගර් පරිපාලනයට නායකත්වය දුන් සමයේ ජාත්‍යන්තර වශයෙන් අද ද ජාත්‍යන්තරයට ගෙවා දමන දඩයකට යටත් කර ක්‍රීඩාවත්,රටත් අපකිර්තියට පත් කළ පුද්ගලයන්ට,රගර් ආයතනය ණය කළ නායකත්වයන්ට අමාත්‍යවරයා නම් කරන තනතුරු මෙන්ම ඇතැමුන්ට ආසියානු තනතුරු දක්වා යන්නට ද අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශයද නිහඬව ඉඩ දී ඇතැයිද කිසිඳු තහනමක් පැන වී නැතැයි ද පෙන්වා දුන්නේය.


රටේ රගර් ක්‍රීඩාවේ උන්නතියට සහ සංවර්ධනයට දායකත්වය දැක්වීම මෙන්ම,එය නීත්‍යාණුකූලව සිඳු කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නායකත්වයක් ශ්‍රී ලංකා රගර්වලට ලබා දීම සම්බන්ධයෙන් රිස්වි ඉල්ලියාස්ට කිසිඳූ චෝදනාවක් නොමැති බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පවසයි. ණය බරින් රගර් නිදහස් කර ගනිමින්,ක්‍රීඩාවේ ස්වාධීනත්වය වෙනුවෙන් නව අදහස් ඉදිරිපත් කරමින් සහ ක්‍රියාමාර්ග ගනිමින් වැඩ කිරීමට නායකත්වය දීම වරදක් සේ දැකීම රගර් ක්‍රීඩාවට නොව ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩාවක ස්වාධිනත්වයට තර්ජණයක් ඇති කරන අන්දමේ ක්‍රියාවක් බව ද නීතිඥවරයාගේ අදහසය.


නිතිඥවරයා මේ අදහස් පළ කළේ රිස්වි ඉල්ලියාස්ට පැන වූ තහනමට එරෙහිව ඔහු අභියානාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනීමට තීරණය කිරීම ගැන LNW වෙත අදහස් දක්වමින්ය.නිතියේ මුර දේවතාවා අභිමුවට පැමිණ නීත්‍යාණුකූලව මේ ප්‍රශ්නයේදි සිඳු වූ අසාධාරණය පැහැදිළි කර සාධාරණය ඉටු කර ගැනීම අපේක්ෂාව බව ද ගරු අධිකරණය විසින් එළැඹෙන ජනවාරි 27 සහ 31 වන දිනයන්හී දි වගඋත්තරකාර පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගෙන රිස්ලි ඉල්ලියාස් ඉලක්ක කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ අනිතික නියෝගය අවලංගු කිරීමට අධිකරණය මඟින් ක්‍රියා කරනු ඇති බව සිය විශ්වාසය බව ද මෙහිදී නීතිඥවරයා වැඩි දුරටත් අනාවරණය කළේය.
ඉකුත් දෙසැම්බර් අට වන දා ශ්‍රී ලංකා රගර් සම්මේලන සභාපති ධූරයෙන් එහි සභාපති රිස්වි ඉල්ලියාස් ඉවත් කිරිම සම්බනධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ලිපිය නීතියට පටහැනි යැයි තීන්දු කර එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් වි ඇති අතර,මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ලිපිය අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද රිස්ලි ඉල්ලියාස් සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan