IMF යන්න චීන සහාය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සඳහා චීනයෙන් අප ලබාගත යුතු මූල්‍යමය ආරක්‍ෂණය (ෆයිනෑන්ෂල් ඇෂුවරන්ස්) හැකි ඉක්මණින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

එම ක්‍රමවේදයේ යම්කිසි ආකාරයක ප්‍රමාදයක් තිබිය හැකි නමුත් හැකි ඉක්මනින් චීනය එම සහතිකය ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇති බව දැනට තිබෙන සාකච්ඡා සහ ලැබෙන පණිවිඩ අනුව ප්‍රකාශ කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ඒ සහතිකය චීනයෙන් හැකි ඉක්මනින් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන් හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ආචාර්ය වීරසිංහ මහතා කීවේය. චීනයේ එම මූල්‍යමය ආරක්‍ෂණ සහතිකය ලැබී ඊළඟ සති තුන හතර ඇතුළත අපගේ මූල්‍ය ආධාර වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකිවනු ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

චීනය මේ සඳහා සහාය දෙනු ඇතැයි අපේක්‍ෂා කරන අප දැන් සිටින්නේ එම ඉලක්කයේ බවත් එය පළමු පියවර බවද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා කීවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය දෙවන පියවර සහ ඒ සඳහා කාලය තිබෙන බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...