ජොස්කෝගේ වෙස් මුණ ගලවා බලමු.

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙස් මුහුණුකරුවන් දෙදෙනෙකි. එක් අයෙක් ක්‍රොඒසියාව නියෝජනය කළ අතර අනෙකා නියෝජනය කළේ දකුණු කොරියාව නියෝජනය කළේය.ඉන් එක් අයෙක් දකුණු කොරියාවේ අංක 7 හියුන්-මින් ය.ඔහු ද ආරක්ෂාවට ආවරණ පැළදී අතර එයට හේතුව වූයේ ඔහුගේ වම් ඇස වටා තරගයක් අතර වූ සිඳුවීමකදී අස්ථි බිඳීම්වලට ලක්විමය.
නමුත් වෙස් මුහුණුකාරයන් අතරින් වැඩි අවධානයක් යොමු වූයේ ක්‍රොඒෂීයාවේ ජොස්කෝ ග්වැර්ඩියොල්ට ය.ඒ ඔහුගේ දක්ෂකම් ක්‍රොඒසියාව තරගාවලියේ තෙවන තැන දක්වා ගෙන එන්නට විශාල වශයෙන් හේතු වූ නිසාය.ක්‍රොඒසියාව තෙවැනි තැන දිනූ මොරොක්කෝවට එරෙහි තරගයේදීත් ජොස්කෝ කැපී පෙණුනා.ඔහු තරගයේ පළමු ගෝලය ලබා ගැනීමෙන් නොනැවතී දැක් වූ දස්කම් සළකා එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද ඇගයීමට ලක් වුණා.
මේ විශේෂ ක්‍රොඒසියානු ක්‍රීඩකයාගේ මුහුණට වෙස් මුහුණක් ආවෙත තරගයක් අතර තුර සිඳු වූ අනතුරක් නිසා.ඔහුගේ බිදි ගිහිං තිබෙන්නේ නාසයයි.ඒ තමන් නියෝජනය කරන ලිප්සිග් ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයෙක් වන විල් ඕබ්‍රන් සමඟ ගෝලයක් ලබා ගන්නට යාමේදී මේ ගැටීම සිඳු වී තිබෙනවා.ගෝලය අසළ දී හිසෙන් පහර එල්ල කරන්නට මේ දෙදෙනාම උත්සාහ කරන අතර ජොස්කෝ ඉලක්කය සාර්ථකව ලබැ ගෙන බිම පතිත වීමේදී ඔහුගේ නහය ඕබ්‍රන්ගේ සිරුරේ ගැටී එම අනතුර සිඳු වෙනවා.මේ සමඟ ඇත්තේ ඊට අදාළ විඩියෝ සටහනයි.
https://www.google.com/search?q=JOSKO+GVARDIOL+and+Willi+Orban+incident&source=lmns&tbm=vid&bih=640&biw=1349&hl=en&sa=X&ved=2ahUKEwijrr3AmIL8AhVgFLcAHfxCB-QQ_AUoA3oECAEQAw#fpstate=ive&vld=cid:f63b0489,vid:sr8Vs1qVqyk
මෙවර තරගාවලියෙන් පසුව ක්‍රොඒසියාවට ලුකා ගේ සේවය අහිමි වුවත්, 20 හැවිරිදි ජොස්කෝ වැන්නන් ඔවුන් සතුව සිටීම ලුකාගේ හිස්තැන වැඩි කාලයක් අඩු-පාඩුවක්ව නොපවතිනු ඇතැයි වීශ්වාසයට ගන්න හොඳ සාධකයක්ය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...