*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

සිපගන්න දැනගන්නම ඕනිද?

ඔවුන් කවදාවත් මුණ ගැසී ඇති බව මතක නැත.එහෙත් ඔවුන් එකිනෙකාට සිනා සෙයි,සතුටින් වැළඳ ගනියි.ඒ අතර පිරිමි පිරිමි ද,ගැහැණු ගැහැණු ද පිරිමි සහ ගැහුණු ද වෙති.ඔවුන්ට අනෙකාව හඳුණා සිටීම වැදගත් නැත.දහඩියෙන් පෙගී ඇති පැය ගණනක් වෙහෙසුණද වෙහෙසක් නැති ඔවුන්ගේ සිරුරුවලින් එන දහඩිය කෙතරම් සුවඳද,නැතිනම් දුර්ගන්ධයක් වේ ද යන්න ඔවුන්ට අදාළම නැත.ඒ හමන්නේ ආර්ජෙන්ටිනාවේ සුවඳය.
බුවනෝර්ස් අයර්ස් නගරයේ පිහිටි ඔබලිස්ක් ස්මාරකය කේන්ද්‍ර කර ගනිමින් ලෝක කුසලාන ජය සමරමන්නට පටන්ගත් ආර්ජෙන්ටිනා වැසියන් එකිවෙකා වැළඳගත්තේ තමන් ආර්ජෙටිනානුවන් වීම නිසාම පමණි.නිමාවක් නොවන ගී,සුබ පැතුම් පිරි ඔල්වරසන්,වාහනවලින් නැඟෙන ශබ්ද මේ සියල්ල කළවම්ව ඇසෙන ඝෝෂාවන්ගෙන් නිමක් නැත.සැතපුම් ගණනක්ම පිරුණු හිස්ය.ඒ සීමාවන් ද ඉක්මවා ඇසෙන ඝෝෂාය.
ප්‍රංශය පරාජය කර ජයග්‍රහණය පැමිණි මොහොතේ ආර්ජෙන්ටිනා පාපන්දු උන්මාදයෙ හැඩය එබඳු විය.අන්ත දුප්පත්කමේ පතුලේම සිටින ආර්ජෙන්ටිනා වැසියෝ බොහෝ වෙති.ඔවුන්ගේ සම්ප්‍රදායික ආහාරයක් වන බාබකියු සඳහා වන හරක් මස් ස්වල්පයක් හෝ ලබා ගන්නට ඔවුන්ට වත්කමක් නැත.ඒ අතරම තිබෙන සොච්චම දේශපාලකයින් විසින් ගසා කෑමේ වේදනාව සහ වෛරය ය.එහෙත් පාපන්දුවේ ප්‍රේමය ඒ සියල්ල අමතක කරන්නට තරම් අනුහස් සහිතය.

ජිවත්වෙන්නට ඇති සොච්චම ද දේශපාලන ලොක්කන්ගේ මඩිය පුරවා ගැනීම සඳහා යොදා ගැනෙන බවට ආර්ජෙන්ටිනා දේශයෙන් ගලන තොරතුරු අතර උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද දූෂණ චෝදනාවලට වරදකරුවීම හොඳම උදාහරණයකි.ජනතාවට වගකියන ආයතන ඉතිරිව ඇති නිසා එවැනි දේ තාක්ෂණ දෝෂ නිසා යැයි දේශපාලන ස්වාමියා වෙනුවෙන් ඉවත් කර ගැනීමට මඟ සකසන නීති නැතිවීම සතුටට කරුණක් වුවත්,ඒවායෙන් එන තැවීම වෙනුවට,මෙසි සහ පිරිවර හදවතේ ගල්වන ප්‍රීතිය ඔවුන්ට වටින්නේය.බඩගින්නටත් වඩා ඔවුන්ට රිදෙන්නේ පාපන්දු පරාජයන්ගෙන්ය.

පරාජය වන විට වීරයන් පළු අරින තරම් විවේචන ඔවුන්ට ඇත.මෙසීට ද කලක් ඔවුන් යුරෝපීයෙක් සේ හඳුන්වමින් බැන්නේය.අපි එංගලන්තයෙන් අධිරාජ්‍යවාදයේ පීඩාව ඉගෙනගත් අයුරෙන්ම දැන් අපට ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහර්ඝ වටිනාකම් ඉගෙනගන්නට සිඳු වි ඇත.පොළව මානුෂිකවීම ද දියුණුවේම පැතිකඩකි.මෙසීනම් තරුණයාගේ පාපන්දුව කියවා ගන්න හෝ ඒ වෙනුවෙන් අනාගතය දැක කටයුතු කරන්නට ආර්ජෙන්ටිනාවට වත්කමක් මෙන්ම ඕනෑකමක් ද නොවිණ.දක්ෂයෝ හදනවාට වඩා හැදුණ දක්ෂයෙක්ගෙන් යැපීම මේ රටේ ද හැඩය ය.එහෙත් ආර්ජෙන්ටිනාව යටත් කරගෙන සිටි ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජය මෙසීගේ අනාගත වටිනාකම දැක්කේය.ඔවුන් මේ තරුණායට නිරෝගිකම සමඟ සිය පාපන්දු ජීවිතය ඉදිරියට තල්ලු කරගෙන යන්නට අවශ්‍යය පහසුකම දුන්නේය.නිදහස් කියන වචනය පමණක් ගත් රටවල උරුමය සමහර විට යටත්විජිත තත්ත්වයටත් වඩා නොදියුණුය.

දැන් මේ වීදි බැස එකිනෙකා සිප ගන්නන් අතර කුඩා දරුවෝද වැඩිහිටියෝද එකට පොකුරු ගැසී ඇත.ඔවුන් ඇතැමෙක්ගේ මුහුණට ඇලි ඇත්තේ මෙසීගේ මුහුණ සහිතව නිර්මාණය වූ වෙස් මුහුණය.එය ඉවත්වන්නේ “අපි ඒක කළා යනුවෙන් කෑ ගසන අතරේ එකිනෙකා වැළඳ ගන්නටය.

අපි ආදරෙයි ලියෝ කියා මෙසී සම්බන්ධයෙන් ලියු අකුරු සහිත පූවරුද මහ හඩින් කරන කෑ ගැසීම් ද හිඟ නැත.
ඔහු මිලියන වාරයක් පරාජය වුව ද ඔහු උත්සාහය අතහැරියේ නැත.අවසානයේ ඔහුට එය කළ හැකි විය.
දීර්ඝ පාපන්දු චාරිකාව තුළ තමන් ඉපදෙන්නටත් පෙර ආර්ජෙන්ටිනාව උරුම කර ගත් ලෝක කුසලාන ජයග්‍රහණය යළිත් දිනා ගැනීම පිණිස මෙසී දැරූ උත්සාහය අගය කරමින් කතා කරන්නෝ ආර්ජෙන්ටිනාවේ අඟළෙන් අඟළටය.ඔවුන් මෙසී ඒ වෙනුවෙන් දැරූ මහන්සිය,අප්‍රතිහත ධෛර්‍යයෙන් කළ කැපවීම් වෙහෙසවීම් පාපන්දුව හුස්ම කර ගත් එය පිස්සු ඇදහිල්ලක් කර ගත් ආර්ජෙන්ටිනානුවන්ට රහසක් නොවේය.
මට ඒ පිස්සුව සියැසින් දැක ගන්නකම් ඉවසුමක් නැහැ.මට ඒ අය දකින්න එකතුවෙන් ඕනි.
ලයනල් මෙසී ද ඒ පිස්සුවේ කොටසක් වන්නේ ආර්ජෙන්ටිනා වැසියෙකු බැවිනි.ඔහු අද ඔබලිස්ක් ස්මාරකය අසළ සිටගන්නේ ඒ පිස්සුව දකින්නටම නොවේය.විඳින්නටම නොවේය.එහි කොටස්කරුවෙක් වෙන්නටය.
ශක්තියේ බලය,නැතිනම් ප්‍රාතිහාර්යක් බඳු ශක්තිය සහ හැකියාව.මේ ආකාරයට නිර්වචණය කළ හැකි ස්පාඤ්ඤ සහ ඉංග්‍රිසි මුසු හැඟීමක් ජනිත කරන වචනයක් වන ඇග්නටේ යනුවෙන් මෙසීව හඳුන්වන සරසවි සිසුවියක ජයග්‍රහණය ගැන පවසන්නේ එය අදහාගත නොහැකියි,එහෙත් මෙසී් අදහාගත නොහැකි දක්ෂයෙක් යන්නය.
සම්පූර්ණයෙන් ආර්ජෙන්ටිනාවම මෙසීව වී ඇති මොහොතක කණ්ඩායම ද සිටින්නේ මෙසී වටාය.තමන් තරුණ ක්‍රීඩකයෙක්ව සිටියදී හඳුණාගත් ගැටවරයන් ඔහු පසුපසින් පැමිණ අද ආර්ජෙන්ටිනාව නියෝජනය කරන තැනට පත්ව ඇත.ඒ නිසා නූතණ ආර්ජෙන්ටිනා පාපන්දුවේ වීරයා පමණක් නොව මඟ පෙන්වන්නා ද මෙසී ය.ඔහු අන්ත දුප්පත් රටක සිටින ලොව ධනවත්ම ක්‍රීඩකයෙකි.ඒ ධනයෙන් තමාව නිර්මාණය කිරීමට දායක නොවුණ ද,තමන්ට උපත දුන් රටට ආදරය කරන එහි කීර්තිය වෙනුවෙන් වෙහෙසෙන පමණක් නොව විටෙක තම ධනය ද වැය කරන උදාර මනුස්සෙක්ය.ඔහු සිප ගන්නට හැම ආර්ජෙන්ටිනානුවෙක්ම සිහින දකියි.ඔහු ආර්ජෙන්ටිනා වන හැමෝටම එකිනෙකා සිප ගන්නට වන ඉඩක් සකසා ඇත.ඉතිං සිපගන්න දැනගන්නම ඕනිද?
කමෝන් මෙසී.
ඒත් මේ ආදරය කල් ඉකුත් වන්නට නොදී රැක ගැනීමේ වගකීම ද මෙසි සතුය.එය ක්‍රියාකාරී වීමට වඩා ක්‍රියාකාරී නොවීම තුළ රැඳෙනු ඇත.උපරිමයට පැමිණ පසු එහි රැදී සිටිනු විනා තවත් ඉහළට නැඟෙන්නට යාමේදී විය හැක්කේ ඉම නිමා වූ මඟක ඉහළට අඩිය තියන්නට යාමේදී බමට කඩා වැටීම යන්න ඇත්තක්ය.
ඒ නිසා සෑම ආර්ජෙන්ටානනුවෙක්ම ආදරයෙන්,සතුටෙන්,ජයග්‍රාහී ලිලාවෙන් එකිනෙකා සිප ගන්නට හැකි තැනක් හදපු මෙසී,එතැන හැමදාම මතකයේ තිබෙන අයුරෙන් හැසිරෙන්නට බුද්ධිමත් විය යුතුය.රටක් එක තැනකට ගේන්න හැකි වැඩක් හැටියට ක්‍රීඩාවට දුන්න අගයට හැම ක්‍රීඩා ලෝලියෙක්ම මෙසි ඇතුළු පිරිවර හදවතින් වැළඳගන්නට ද පසු නොබා සිටිය යුතුය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan