*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දිනුවත් දඹුල්ල එළියෙ

එල්පීඑල් තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර ඊයේ තීරණය වුණා.ඊයේ පැවති තරගවලදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කන්ඩායම් ජයගත් අතර එහිදී ජයග්‍රහණය කළ ද දඹුල්ල කණ්ඩායමට අවසාන කණ්ඩායම් හතරට ඒමේ අවස්ථාව අහිමි වුණා.

දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයේ දී දඹුල්ල කණ්ඩායමට අවසාන තරගයට ඒමටනම් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව එම තරගය ජයගත යුතු ආකාරය සම්බන්ධයෙන් පිළිවෙලක් තිබුණා.එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 170 ක් ලබා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 100 ට සීමා කිරීමෙන් එම අවස්ථාව උදා කර ගන්නට තිබුණා.එසේත් නැතිනම් ගාල්ල කණ්ඩායම ලකුණු 150 සීමා කර එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 12 දී ලබා ගැනීමත් අවසාන කණ්ඩායම් හතර දක්වා එන්නට දඹුල්ලට තිබුණ අවස්ථාවක්.නමුත් ඒ කිසිවක් සිඳු නොවී පළමුව පන්දුවට පහර දුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 129 ටසීමා කර ගන්නට දඹුල්ල කණ්ඩායමට හැකි වුණා.නමුත් අදාළ ලකුණු ප්‍රමාණය කඩුලු හයක් දැවී ඔවුන් ලබා ගත්තේ 15 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදි යි.කඩුලු හයක් දැවි ලකුණු 134 ක් ලබා ගෙන දඹුල්ල ජයග්‍රහණය කළ ද,ගත වූ පන්දු ඕවර් ප්‍රමාණය නිසා ඔවුන්ට අවසාන කණ්ඩායම් හතර අතරට එන්නට අවස්ථාව අහිමි වුණා.

ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් දෙකම තරග අටකට සහභාගි වි තරග දෙක බැඟීන් ජය ගත්තා.නමුත් සම ජයග්‍රහණ ලැබුවත් ගාල්ල කණ්ඩායම ලකුණු ලබා ගැනීම අතින් ඉදරියෙන් සිටියා.(ලකුණු සටහන)
ඊයේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දැරිම සිකන්දර් රාසා ට පැවරි තිබුණ අතර නිත්‍ය නායක දසුන් ශානක ක්‍රීඩා කළේ නැහැ.විදෙස් ක්‍රිඩකයා සේ දඹුල්ල කණ්ඩායම ප්‍රබල බාලාපොරොත්තුවක් තබා තිබුණ ද රාසාගෙන්ද මේ තරගාවලියේ ඉහළ දක්ෂතා වාර්තා වී තිබුණේ නැහැ.ඊයේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙනම ක්‍රීඩකයා වුණේ මැතිව් ෆෝර්ඩ්.ඔහු පන්දුවෙන් ලකුණු 11 ට කඩුලු 4 ක් දවා ගැනීමෙන් නොනැවතී දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 52 ද ලබා දෙන්නට සමත් වුණා.
මේ අතර ඊයේ පැවති සිය කණ්ඩායමේ අවසන් තරගය ද ජයග්‍රාහීව නිමා කරන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.ඊයේ ඔවුන් ඉදිරියේ පරාජය ලැබුවේ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමයි.කළම්ඹු ස්ටාර්ස් ක්‍රීඩකයින් පන්දු වාර 20 තුළ කඩුලු නවයකට රැස් කළ ලකුණු 128 ඉක්මවා යමින් 16 වන ඕවරයේ පස්වන පන්දුවේදී කඩුලු දෙකකට ලකුණු 131 දක්වා සිය ලකුණු පූවරුව ඔසවා තබන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.එහිදි වේගවත් ඉණිමක් ක්‍රීඩා කළ රහමතුල්ලා ගුර්බාස් පන්දු 40 දී ලකුණු 69 ක් රැස් කරන්නට සමත් වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ දවසේ දී එල්පීඑල් තරගාවලියේ කැපී පෙණෙනම තුන් ඉරියව් දස්කම දැක් වූ දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ මැතිව් ෆොර්ඩ් ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan