*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පාරිභෝගිකයන් වෙනුවෙන් ඇප කැප වෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති – නීතිඥ ශාන්ත නිරිඇල්ල

පාන් පිටි මිල ඇතුළු ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පහළ ගියද එහි ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට නිසි ලෙස නොලැබීම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති අසේල සම්පත් මහත්වරු සමඟ කළ සංවාදයකි මේ.

පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් විදිහට පාරිභෝගික සංවර්ධන අධිකාරිය හඳුන්වනු ලැබුවත් චෝදනාවක් එල්ල වෙනවා පාරිභෝගික අධිකාරිය නිසි ලෙස තම වගකීම් ඉටු නොකරන බවට. ඒ ගැන එහි සභාපතිවරයා විදිහට ඔබේ අදහස කුමක්ද?

අපිට පාරිභෝගිකයා පිළිබඳව ලොකු වගකීමක් තියෙනවා. අපි අප වෙත පැවරී ඇති වගකීම නීත්‍යනුකූල රාමුව තුළ උපරිමයෙන් ඉටු කරනවා. අපේ සීමාව තුළ අපි පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපේ ආයතනයෙන් වැඩක් වෙන්නේ නැහැ කියන අදහස පිළිගන්න බැහැ. අපි ආයතනයක් විදිහට හැකි උපරිම ආකාරයට වැඩ කරනවා.

ඒත් පාරිභෝගිකයන් මෙන්ම පාරිභෝගික සංවිධාන කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තමන්ගේ බලතල නිසි විදිහට ක්‍රියාත්මක නොකරන බවයි. ඒ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ඔය චෝදනාව එල්ල වෙන්නේ පාන් මිල, පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල, පාන් පිටි මිල පහළ යාමට සාපේක්ෂව පහළ නොයාම නිසා විය හැකියි. අපිට පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහළ දමන්නවත් පාලනය කරන්නවත් බැහැ. ඒකට හේතුව බවට පත්ව තිබෙන්නේ පාන් පිටි නිෂ්පාදන සම්බන්ධව පාලන මිලක් නැහැ. ඒ නිසා අපිට ආයතනයක් විදිහට මේ ගැන පියවර ගන්න පුළුවන්කමක් නැහැ. පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළොත් අපට යම් පියවරක් ගැනීමට පුළුවන්කම තියෙනවා.

ඒත් වෙළෙඳ සැල් හිමියන්ට සදාචාරාත්මක යුතුකමක් තියෙනවා භාණ්ඩයක නිෂ්පාදන ද්‍රව්‍ය මිල පහළ ගියොත් ඒ හා සමානව භාණ්ඩයේ මිලත් පහළ දැමීමට. එහෙත් අද සමහර තැන්වල මේ දේ කරන්නේ නැහැ. ඒක වැරැදි දෙයක් විදිහටයි පෙන්වා දීමට හැකියාව තියෙන්නේ.

පසුගිය දිනවල බිත්තර මිල ගැන ලොකු කතාබහක් ඇති වුණා. අද බිත්තරයක් අලෙවි වන්නේ විවිධ මිල ගණන්වලට. මේ ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විදිහට මොන විදිහේ පියවරක් ද ගන්නේ?

බිත්තරයක මිල පසුගිය සතිය වන තෙක් පාලන මිලක් යටතේ තිබුණේ. ඒ නිසා අපට පුළුවන්කම තිබුණා මිල ඉහළ යාම පාලනය කරගෙන අල්ලා ගෙන ඉන්න. ඒත් අධිකරණය මඟින් පාලන මිල ඉවත් කළා. අපට සිදු වෙනවා අධිකරණ තීන්දුවට ගරු කරන්න. දැන් බිත්තර මිල පාවෙන මිලක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපට බිත්තර මිල පිළිබඳව පාරිභෝගික අධිකාරිය විදිහට පියවරක් ගන්න බැහැ.

පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය වැනි ආයතන එක අමාත්‍යාංශයක් යටතට ගත්තොත් පාරිභෝගිකයන් වෙත වඩාත් සහනදායී දෙයක් බවට පත්විය හැකි බවයි ඇතැමුන් කියන්නේ. මේ අදහස ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?

ඔව්. ඒ අදහසේ යම් කිසි ඇත්තක් තියෙනවා, මාත් හිතනවා. පාරිභෝගික අධිකාරිය සහ එයට සමගාමී ආයතන විදිහට එක්ව වැඩ කරන්න පුළුවන් නම් වඩාත් ප්‍රතිඵලදායක විදිහට වැඩ කරන්න පුළුවන්කම ලැබේවි.

පාරිභෝගිකයන් වෙත සෙත සැලසීම අරමුණ නිසා ආයතනවලට අවබෝධයෙන් වැඩ කිරීමට හැකියාව තිබෙනවා නම් හොඳයි. ඒ නිසා වඩාත් සුදුසු යෝජනාවක් විදිහට පාරිභෝගිකයන් වෙත සේවය සලසන ආයතන අවබෝධයකින් වැඩ කළ හැකි තැනකට පත්වෙනවා නම් ගොඩක් හොඳයි.

දැන් උදාහරණයක් විදිහට අරන් බලමු සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් සිටින්නේ වෙනත් ආයතනයක් යටතේ. ඒත් පාරිභෝගික අධිකාරියත් එක්ක වැඩ කිරීමට සිදු වෙනවා. ඒ නිසා අපට පුළුවන්නම් මේ වගේ අංශ සමඟ අවබෝධයෙන් වැඩ කිරීමට පාරිභෝගිකයන් වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටු කිරීමට හැකියාව ලැබෙන එක ස්ථිරයි.

පාරිභෝගිකයන් වෙත අවැඩක් සිදු වෙනවා නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියට මොන විදිහේ පියවරක් ද ඉක්මනින් ගැනීමට හැකියාව ලැබෙන්නේ?

අපි ආයතනයක් විදිහට දවසේ ඕනෑම වෙලාවක පාරිභෝගික සේවය සඳහා කැපවෙලා සිටින්නේ. අපට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්නවා හදිසි වැටලීම් සහ පාරිභෝගික පැමිණිලි භාර ගැනීමට සහ ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීමට. එනිසා අපි පාරිභෝගිකයන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබට අසාධාරණයක් වෙනවා නම් අපට ඉක්මනින් පැමිණිලි කරන්න කියලා. ඒ විදිහේ පැමිණිල්ලක් ලැබුණොත් අපට පුළුවන් ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan