යාපනයට එරෙහි වන්නේ කොළඹ ද නුවරද

Date:

එල්පීඑල් තරගාවලියේ නිත්‍ය සූරයන් බවට පත්ව සිටින තිසර පෙරේරාගේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර අවසාන තරගයේදි හමුවන කණ්ඩායම තීරණය කිරීමේ තරගය අද කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කළම්ඹු ස්ටාර්ස් අතර පැවත්වීමට නියමිතය.ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන් සහ අවසාන කණ්ඩායම් හතර තීරණය කිරීමේදී ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිට ඊට සුදුසුකම් ලබා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ වර්ෂාවේ බාධා කිරීමද පදනම්ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 24 න් පරාජය වී,සෘජුව අවසාන තරගයට ඒමේ අවස්ථාව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙත පිරිනැමුවේය.ඒ නිසා අද කැණ්ඩි කණ්ඩායමට දෙවන වරටද අවස්ථාවක් හිමි වී ඇත.එහෙත් තරගාවලිය පුරා පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ චාමික කරුණාරත්න ඊයේ තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම නිසා බොහෝ විට ඔහුට තරග කිරීමට ඉඩක් නොලැබීමේ අවාසියත් කැන්ඩි කණ්ඩායමට බලපානු ඇත.විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදී කළම්ඹු කණ්ඩායම හමු වූ අවස්ථාවේ ලකුණු 11 ට කඩලු 4 ක් බිඳ හෙළමින් කැණ්ඩි කණ්ඩායමේ ජයග්‍රහණයට මූලික වශයෙන් දායක වූයේ ද චාමිකය.
කැන්ඩි සහ ජැෆ්නා තරගයේ පරාජිතයන් සමඟ සටන් කොට අවසාන තරගයට එන්න උථ්සාහ කිරීමේ අවස්ථාව දිනා ගැනීම සඳහා ඊයේ තරග වැදුණේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමයි.ගාල්ල කණ්ඩායම තරගාවලිය පුරාම සිටියේ හරි කණ්ඩායම සොයා ගැනීමේ අර්බූදයකයි.ඊයේ ද වෙනස්කම් සිඳු වූ අතර ඔවුන්ගේ ඊයේ දවසේ වීරයා වූයේ සහන් ආරච්චිගේ යි.සමස්ත කණ්ඩායම ම පන්දු ඕවර් 18 ක් තුළ කඩුලු 9 ට 108 ක් ලබද්දි සහන් ඉන් ලකුණු 53 ක් ම ලබා ගත්තේ පන්දු 31 දී ය.

එම ලකුණු ප්‍රමාණය 17 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී ලබා ගත් කළම්ඹු කණ්ඩායම වෙනුවෙන්ලකුනු පූවරුව කඩුලු 3 ට ලකුණු 109 ක් වෙද්දී පන්දු 28 න් නොදැවී ලකුණු 43 ක් රැස් කළ රවී බෝපරා තරගයේ වීරයා විය.
ඊයේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට යහපත් දවසක් නොවිණ.පන්දුවට පහර දීමේදී පැතුම් නිශ්ශංක ලැබූ ලකුණු 35 එම කණ්ඩායමේ පිතිකරුවෙක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.ඒ ආකාරයට තල්ලු වි පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 8 ට ලකුණු 143 ක් ලකුණු පූවරුවක් ඔවුන්ට උරුම විය.හඹා යාමේ දී වර්ෂාව වැටෙන විට ජැෆ්නා ක්‍රීඩකයින් පන්දු ඕවර් 11 දී ලකුණු 98 ක් රැස් කර තිබුණ අතර දැවුණු කඩුලු ගණන 3 ක් විය.ඩක්වර්ත් ලුවිස් හා ගලපද්දී ඒ වන විට ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 24 ක් ඉදිරියෙන් සිටි ජැෆ්නා ක්‍රීඩකයෝ ජයග්‍රාහකයෝ වූහ.
තරගයේ ජයග්‍රහණයට වැඩිම දායකත්වය දෙමින් තරගයේ වීරයා වූ විජයකාන්ත් වියස්කාන්ත් පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගෙන තිබිණ.ඡායාරූපයේ ඉන්නේ වියස්කාන්තය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...