පාරිභෝගික ජනතාවට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර

Date:

පාරිභෝගික ජනතාවට රුපියල් 55ක මිලක් යටතේ මෙම මස අවසානයේ සිට බිත්තර ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පල කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අවම මිලක් යටතේ පාරිභෝගිකයින්හට බිත්තර ලබා දීම සඳහා අද (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුලු සංගම් කිහිපයක් සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

එහිදී බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කර ඇත.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ද රජයේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා දේශීය බිත්තර කර්මාන්තකරුවන්සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ පාරිභෝගිකයාට බිත්තර මිලදී ගැනීමට බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත්අවධාරණය කළේය.

එහිදී අදහස් පළ කළ එම කර්මාන්තකරුවන් ඔවුන් තවමත් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49ක් හා 55 මිලට බවත්, එක්තරා අතරමැදි පිරිසක් බිත්තරගබඩා කර තබා ගනිමින් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

මෙම මස අවසානයේ සිට කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් එවා ජනාකීර්ණ ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්මවෙනත් නාගරික ප්‍රදේශවලට ද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් මෙම කර්මාන්ත්කරුවන් එකඟත්වය පළ කර තිබේ.

මීට අමතරව සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා සතොස පරිශ්‍ර ආශ්‍රිතව බිත්තර අලෙවි කිරීමේ පහසුකම් ලබා දීමටත්, කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවලනිරත වුවහොත් අදාළ බිත්තර අලෙවිකරුවන් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා දීමටත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාඑකඟත්වය පළ කළේය.

කුකුළු කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින සත්ව ආහාර හිඟකම හා මිල ඉහළයාම වැනි හේතුන් නිසා එම කර්මාන්තයේ යම් බිද වැටීමක් පැවතියත් ලබනවසර මැයි මස වනවිට නැවතත් බිත්තර හා කුකුළු මස් කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ද මෙහිදී සාකච්ඡා විය. ඒඅනුව කුකුළු නිෂ්පාදන ආශ්‍රිතව මව්සතුන් හා බිත්තර රැක්කවීම මගින් පැටව් ලබා ගැනීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...