නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද. ආණ්ඩු පක්ෂයෙන් විශේෂ සූදානමක්

Date:

2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරු 09.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇති අතර පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍ර ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරෙනු ඇත.

එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද අද දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...