පුංචි ඡන්දය නිමාවන තෙක් මාරුවීම් පත්වීම් නැහැ..

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ ඉකුත් 04 වැනිදා සිට ඡන්ද විමසීම සිදුකර අවසන් වන තෙක් කාලයේදී දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය හෝ අගතියට පත් කරවන ක්‍රියාවන් සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (05දා) දැනුම්දී ඇත.

එමෙන්ම එම කාලය තුළ රාජ්‍ය ආයතනවල බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් ආදිය සීමා කරන ලෙස ද දැනුම් දී තිබේ.

විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඡන්ද විමසීම් කාලසීමාව තුළ රජයට හෝ රාජ්‍ය සංස්ථාවකට අයත් චංචල හෝ නිශ්චල දේපළක් දේශපාලන පක්‍ෂයකට වාසි අන්දමින් යොදා ගතහොත් එම ක්‍රියාව තහනම් කිරීමේ බලය කොමිසම වෙත පවරා තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...