*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පාපන්දුවේ ලෝක නීතිය යාවත්කාලීන වීම මාර්තුවේ

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මේ මොහොත වන විට පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකය.එය පාපන්දුව පරිපාලනය කළ අය නිසාම නොවේය.එයට පැමිණි දේශපාලන ආශිර්වාදය ද නිසාය.ඒ දේශපාලන අත පෙවීම්වලින් දූර්ම්භූත කරනවා වෙනුවට අලුත් පාලනය දේශපාලකයෙක්ටම භාර දීමට අදේශපාලනික පාපන්දු පිරිස් සංවිධානය වෙමින් ඇත.
මේ සියල්ල සිඳුවෙමින් පවතින අතරේ ලෝකයේ ක්‍රීඩාවන් රටවල්වලට අදාළ රාජ්‍ය දේශපාලනයෙන් දුරස් සහ ස්වාධින එකක් කරන්නට ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලන ක්‍රීඩාවන්ට බලපාන නීති යාවත්කාලීන කරමින් ඇත.රාජ්‍ය දේශපාලනය රටේ ක්‍රීඩාවේ යහපැවත්ම උදෙසා තමන්ගේ නීතිවල විහිදෙන දුර ජාත්‍යන්තර මිම්මට අනුව අඩු වැඩි කර නොගන්නේනම් එය රටේ ක්‍රීඩාවට නොව දේශපාලනික වශයෙන් කරන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍ර සබඳතාවල පළල ද පටු විය හැකිය.
ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලන රටකට නමන්නට නොහැකි ලෝකයම එක මිටට බැදපු අරටුය.ඒ බව තේරුම් අරගෙන නව වෙනස්කම් ගැන දැන වැඩ කරන්නට අවශ්‍යය බව අපි දැන් කාලයක සිටම කියන්නෙමු.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ගැන එතරම් අදහසක් නැත්තේ වටේම, ඇමතිට ඉහළින් මැස්සෙක්වත් නොසිටිය යුතුය උපදෙස් දෙමින් තමන්ගේ බඩ වියත ගැන සිතන උන් ද ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින බැවින් විය යුතුය.
කෙසේ හෝ පාපන්දු පරිපාලනයත්,ක්‍රීඩා අමාත්‍යංශයත් පසුගිය කාලයේ වැඩ කළ අපූරුව නිසා ද,වර්ථමානයේ ඒවායින් පැන නැඟුණ ගැටළු විසඳා ගැනීමට සමස්ත ක්‍රීඩාවම අසුවන සේ ක්‍රීඩා පනත සංශෝධනය කරමින් අමාත්‍යංශයද කරන රැඟුමේ එක තැනක ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අවවාද නිකුතු කර ඇත.එවැනි තත්ත්වයක තවත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන සංගම් මේ සංශෝධන බලාත්මක කරන්නට යාමේදී මැදිහත්වීමේ ඉඩක් පවතින බැවින් ද ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රිඩා නීතිය ගැන ලෝකය සමඟ යාවත්කාලීනවීම වැදගත්ය.එවැනි අවස්ථාවක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මාර්තු මාසයේදී මෙක්සිකෝවේ දි සකස් කර ඇත.
මාර්තු 2 සහ 3 යන දෙදින තුළ පාපන්දු පරිපාලනයට අදාළව ඒ ඒ රටවල් සම්බන්ධයෙන් පවතින නීති සම්බන්ධ ගැටළු ද,නව නීති නිර්මාණය වෙමින් පාපන්දු නීතින් යාවත්කාලින කිරීම සඳහා ද මෙක්සිකෝවේ සිඳුවන මෙම සම්මන්ත්‍රණයට අඩුම තරමේ මාර්ගගත ආකාරයෙන් හෝ එක්වීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගන්නේ නම් වැදගත්ය.එහිදී රාජ්‍යයක නීතිය හා ක්‍රීඩාවේ නීතිය සමබන්ධයෙන් වන වෙනස්කම් හමුවේ පැන නඟින තත්ත්වයන්ද අවධානයට ලක්වන අතර ස්පාඤ්ඥ සහ ප්‍රංශ පරිවර්ථන සමඟින් මේ වැඩ සටහන ඉංග්‍රිසී බසින් කරගෙන යනු ලබයි.
අඩුම තරමේ මෙවැනි සම්මන්ත්‍රණයකට මාර්ගගත සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වීමට උත්සාහ දරන්නේනම් වටින්නේය.නොමිළේ සහභාගි විය හැකි මේ අවස්ථාවට මාර්ගගත ක්‍රමයට ක්‍රීඩා අමාත්‍යංශයේ නීති නිලධාරීන් හෝ යොමු කරමින් ක්‍රියාත්මක හුඹස්ගත තත්ත්වයෙන් ගොඩ එන්නට උත්සාහ කරන්නේනම් වැදගත්ය.ඒ සඳහා තොරතුරු ඇතුළත් වැඩ සටහනට පිවිසීම සඳහා පහතසබඳතාවය ද අපි මෙහි පළ කරන්නෙමු.
https://digitalhub.fifa.com/m/3dbd960ddafecf08/original/FIFA-FOOTBALL-LAW-ANNUAL-REVIEW-2023.pdf

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan