ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමකට අත්සන් තැබේ

Date:

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අද (20) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමකට මෙහිදී අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊට අත්සන් තැබීය.

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට මුලින් අත්සන් තැබුණේ 2005 වසරේ මැයි මාසයේදී ය. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...