පසුගිය දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2%ක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරයි.

2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද 2022 නොවැම්බර් මාසයේදී 60.4% ක් වූ අතර එය 2022 දෙසැම්බර් මාසයේදී 59.0%ක් දක්වා අඩුවී ඇත.

මේ අනුව මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති ආහාර සැලකූ විට පොල්, කිරිපිටි, අලුත් පලතුරු, තේ කොළ/කුඩු, පොල්තෙල්, බිත්තර, රතුලූනු සහ කුකුළු මස් යන ආහාර ද්‍රව්‍යද, මිලෙහි අඩුවීමක් වාර්තා වූ ආහාර අතරට ලොකුලූනු, කරවල, සීනි, එළවළු, හාල්, තිරිඟුපිටි, පාන්, දෙහි, මයිසූර් පරිප්පු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යද ගත හැක.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...